උතුරු ඉතාලියේ නියඟක් හා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ

Date:

අසාමාන්‍ය ලෙස උණුසුම් කාළගුණය සහ ශීත සෘතුවේදී හා වසන්ත සෘතුවේ ලද අඩු වර්ෂාපතනය හේතුවෙන් උතුරු ඉතාලිය තුළ ජල හිගය උග්‍ර ගැටලුවක් බවට පත්ව ඇත. මේ වන විට නගර සභා කිහිපයකටම ජල සලාක ලබා දීම නිවේදනය කර ඇත.

මේ සම්බන්ධයෙන් ඉතාලියේ කෘෂි කාර්මික සංවිධානයක් වන Coldiretti විසින් BBC වෙත ප්‍රකාශ කර තිබුණේ පවතින නියඟය හේතුවෙන් ඉතාලියේ කෘෂිකාර්මික නිෂ්පාදනවලින් 30% කට බලපෑම් කර ඇති බවයි. ඉතාලියේ හදවත හෙවත් පෝ ගඟ මේ වන විට සිඳීමේ අවධානයට ලක්ව ඇත. දැනටමත් ලුණු සහිත මුහුදු ජලය මේ වන විට ගඟට කාන්දු වෙමින් වගාවන් විනාශ කරන බවයි පෝ ගංඟා මිටියාවතේ ගොවියන් පවසයි.

පසුගිය දා ඉතාලියේ ඩොලමයිට්ස් කඳුවැටියේ Marmolada ග්ලැසියරය කඩා වැටීමෙන් අවම පස් දෙනෙකු මිය ගොස් පුද්ගලයින් 13 දෙනෙකු අතුරුදහන්ව ඇති බව නිවේදනය විය. ප්‍රදේශය පවතින අසාමාන්‍ය උෂ්ණත්වය හේතුවෙන් ග්ලැසිරය මෙලෙස දියවී යන්නට ඇතැයි හදිසි සේවා ප්‍රකාශිකා මිචෙලා කැනෝවා විසින් ජාත්‍යන්තර මාධ්‍ය වෙත නිවේදනය කර තිබේ. මේ හේතුවෙන් ඇති වඋ කුණාටු තත්වයට මැදිව අතුරුදන්වූ විදේශිකයින් සොයා තාප රූප සහිත ඩ්‍රෝන යානා යොදවා තිබේ.

පවතින ජල හිගය විසදීම සඳහා ඩොලර් මිලියන 38ක මුදලක් යෙදවීමට රජය සූදානම් බව ජාත්‍යන්තර මාධ්‍ය නිවේදනය කර තිබේ.



SM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානය සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරයි

සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ...

පහව නොගිය අවදානම – දිස්ත්‍රික්ක 4ක් නාය යාමේ රතු නිවේදන තවදුරටත්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිස්ත්‍රික්ක හතරකට නිකුත් කර තිබූ නාය යෑමේ...

එක්සත් ජනපදය වෙනිසියුලාවට ඔබ්බෙන් තෙල් නැවක් අල්ලා ගැනීමෙන් පසු තවත් නැවු හයකට සම්බාධක පනවයි

සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) :...

27 වැනි වරටත් පැවැත්වුණු ජනාධිපති අපනයන සම්මාන උළෙල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : කර්මාන්ත සහ ව්‍යවසායකත්ව...