උතුරු ඉතාලියේ නියඟක් හා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ

Date:

අසාමාන්‍ය ලෙස උණුසුම් කාළගුණය සහ ශීත සෘතුවේදී හා වසන්ත සෘතුවේ ලද අඩු වර්ෂාපතනය හේතුවෙන් උතුරු ඉතාලිය තුළ ජල හිගය උග්‍ර ගැටලුවක් බවට පත්ව ඇත. මේ වන විට නගර සභා කිහිපයකටම ජල සලාක ලබා දීම නිවේදනය කර ඇත.

මේ සම්බන්ධයෙන් ඉතාලියේ කෘෂි කාර්මික සංවිධානයක් වන Coldiretti විසින් BBC වෙත ප්‍රකාශ කර තිබුණේ පවතින නියඟය හේතුවෙන් ඉතාලියේ කෘෂිකාර්මික නිෂ්පාදනවලින් 30% කට බලපෑම් කර ඇති බවයි. ඉතාලියේ හදවත හෙවත් පෝ ගඟ මේ වන විට සිඳීමේ අවධානයට ලක්ව ඇත. දැනටමත් ලුණු සහිත මුහුදු ජලය මේ වන විට ගඟට කාන්දු වෙමින් වගාවන් විනාශ කරන බවයි පෝ ගංඟා මිටියාවතේ ගොවියන් පවසයි.

පසුගිය දා ඉතාලියේ ඩොලමයිට්ස් කඳුවැටියේ Marmolada ග්ලැසියරය කඩා වැටීමෙන් අවම පස් දෙනෙකු මිය ගොස් පුද්ගලයින් 13 දෙනෙකු අතුරුදහන්ව ඇති බව නිවේදනය විය. ප්‍රදේශය පවතින අසාමාන්‍ය උෂ්ණත්වය හේතුවෙන් ග්ලැසිරය මෙලෙස දියවී යන්නට ඇතැයි හදිසි සේවා ප්‍රකාශිකා මිචෙලා කැනෝවා විසින් ජාත්‍යන්තර මාධ්‍ය වෙත නිවේදනය කර තිබේ. මේ හේතුවෙන් ඇති වඋ කුණාටු තත්වයට මැදිව අතුරුදන්වූ විදේශිකයින් සොයා තාප රූප සහිත ඩ්‍රෝන යානා යොදවා තිබේ.

පවතින ජල හිගය විසදීම සඳහා ඩොලර් මිලියන 38ක මුදලක් යෙදවීමට රජය සූදානම් බව ජාත්‍යන්තර මාධ්‍ය නිවේදනය කර තිබේ.



SM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...

කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායක ජාලය දැඩි අර්බුදයක!

කොළඹ LNW:දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පනස් දෙකකට (52%) දායක...

සමන් ඒකනායක යළි රිමාන්ඩ්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස 18...