ගේම්ස් මැද මීම්ස්

Date:

ක්‍රිටිකල් කියන එකේ තේරුම ක්‍රිටිසයිස් කරගන්නවත් බැරි වෙලාවක් මේක. ආ යූ හැපී? කියලා ලංකාවේ එකෙක්ගෙන් අහන කවුරු හරි ඉන්නවා නං පොර ඒ දාන්නෙ කෝචොක් එකක්. වට් ඉස් හැපි? කියල තමා රිප්ලයි කරන්න වෙන්නෙ. මිනිස්සු තාමත් හොයනවා? ඇක්චුවලි වට් ආ දේ ලුකින් ෆෝ? උන් හොයන්නෙ සතුට. නිදහස. පොඩි ලල් එකක් ගන්න හේතු. මේ වගේ වෙලාවක ලල් එකක් ගන්න එක කොච්චර දුරට රීසනබල්ද කියල අහන්නෙපා. ඒ ප්‍රශ්නෙ ටිකක් විකර්ඩ්. කන්නෝනෙ බොන්නෝනෙ ආතල් එකේ ඉන්නෝනෙ. කවුද? යස්, ඕල් පීපල් ඩිසර්ව් ටු ලිව් හැපීලි. 

කොහොම හරි වේවා ‘මේකින් පීපල් එක්ස්ටන්සි’ කියන්නෙ, මේ කාලෙ මාර වටින වැඩක්. ක්ලෝස්ම කට්ටිය සෙට් වෙලා, ෆිල්ම් එකක් ඩ්‍රාමා එකක් බලලා මිනිස්සු සතුටු වෙන්න එක එක පාත්ස් හොයාගත්ත කාලයක් ලංකාවට තිබුණා. ඩූ යූ රිමෙම්බර් පීපල්?  අතේ සතේ නැති වෙලාවක ඒවට දැන් නෝ චාන්ස්. ඩේටා කාඩ් එකක් දාගෙන සෝශල් මීඩියාවල උඩ පහළ යන එක  තමා ඕල්මෝස්ට් ස්ට්‍රෙස් රිලීස් කරගන්න මිනිස්සු කරන්නෙ. ඒක අස්සෙ මිනිස්සු ස්පෙශල් දෙයක් දකිනවා. අපි ඒවට මීම්ස් කියල කියනවා. ඒක ඇත්තටම මරු කන්සෙප්ට් එකක්. 

එකම ජෝක් එක ,  රිපීට් වෙද්දි 

ජින්ගල් එකක් කන්ටිනුවස්ලි අපිට කියවෙද්දි කොහොමද දැනෙන ලල් එක?  ‘මංගල මුදු මාල වළලු..බ්ලා බ්ලා බ්ලා’ අන්න ඔලුවෙ රිවයින් උනා නේද? ලොකු කන්සෙප්ට් එකක් නැරෝ කරලා මිනිස්සුන්ගෙ ඔලුවෙ ප්ලාන්ට් කරන්න ඕනෙ කියල තමා මීම්ස් කන්සෙප්ට් එක එන්නෙ. ඒක ගැන සයින්ටිෆිකලි ස්ටඩී කරපු පොරක් තමා එහෙම කියන්නෙ. පොර රිචඩ් ඩෝව්කින්ස් කියල ඇමරිකන්කාරයෙක්. බයොලොගිස්ට් කෙනෙක්. මීම්ස් හිස්ට්‍රිය ලියවිලා තියෙන්නෙ එහෙමයි. මීම්ස් හදන්න ඒව නං එච්චරම වැදගත් නෑ. හැබැයි දැනගත්තා කියලා අවැදගත් වෙන්නෙත් නෑ.

එනිවේ කරන්ට් සිටුවේශන් වයිස් අපි  කතා කළොත්, මිනිස්සු හිනා වෙන්නෙ මේ මීම්ස් බලලා. සමහර විට තමන්ගෙ ඇතුළෙ තියෙන ට්‍රැජිඩිය මීම් එකකින් දැක්කම මිනිස්සු සන්සුන් වෙනවා.  හිනාව එක්ක තනි ඇහැට ඇඬෙනවා. 

අමුතු මහන්සියක් දරාගෙන හොයාගන්න , ඇඳගන්න ඉමේජර්ස් එව්වෑ නෑ. සිරවටම කිව්වොත් මහා ටකරන් රූප ඒවෑ තියෙන්නෙ. මිනිස්සුන්ට ඉෆෙක්ට් වෙන්නෙම ඒ ටකරං අපිළිවෙළ ගතියම තමා. මීම්ස්වරු ඉමේජ් එකට හරියනම  ‘වදන්’ සිරාම විදියට යූස් කරනවා. එක පැත්තකින් ලයිෆ් එකේ එදිනෙදා අපි ෆේස් කරන පොඩි පොඩි ඉන්සිඩන්ට්ස් මීම් එකකින් දකිද්දි එන්නෙ වෙනම ත්‍රිලක්. පෙර එක දවසක සඳ නැඟි සවසක වෙච්ච සිද්ධි රිපීට් වෙන්න ගන්නවා. මූඩ් එක ෆික්ස් කරගන්න ඒ වැඩේ මරු!

ෆේස්බුකියෙ වෙනස් සර්ෆේස් එකක් හදන තැනක්, මීම්ස්. මිනිස්සුන්ට තේරෙන බාසාවෙන් පොලිටික්ස් කරන්නත්  ‘මීම්ස්’ කියන්නෙ ඉන්ටර්ලෙක්චුවල් කන්සෙප්ට් එකක්. මීම්ස්කාරයන්ට, මීම්ස්වරු කිව්වට කමක් නැත්තෙ ඒ නිසයි. ලයිෆ් එකට ජෝක් ඉන්ජෙක්ට් කරන්න මෝඩයන්ට බෑ. හිනා වෙවී ජෝක් කරන්නත් බෑ. සෝ, වර්චුවල් ජෝක්ස්වලින් අපිට අපිව පෙන්නනවට හැට්ස් ඕෆ් මීම්ස්වරුනි!

BALTIMORA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...