සමනලයා, රෝසමලට යන පාර සහ මා

ළමා පත්තරයක් තුළට වී
ස්පර්ශක බිඳී තිබුණු
සමනලයෙක් බලා සිටී
උට රෝස මලට යන පාර සොයා දෙන තුරු මා

තුඩවල් මාරු කරනා පැන්සලේ තුඩ තියා
පාරෙන් ඇතුල් පැත්තේ
මිනිරන් රේඛාවක් ඇඳලා
හමා එන මල් පුසුඹ ඔස්සේ
උට රෝස මලට යන පාර සොයාදිය යුතුය මා
වහ වහා

මුද්‍රණාලයේදී
මුද්‍රණය වන අතරවාරයේදී විය හැකිය
උගේ ස්පර්ශක යුගල බිඳුණේ

ඇතැම්විට
පත්තර මිටි බඳිද්දීද විය හැකිය
උගේ ස්පර්ශක යුගල බිඳුණේ

ටවුමේදී
මා විසින් පත්තරය දෙකට නවා
බෑගය තුළට දමාගත් මොහොතේදී විය නොහැකිද
උගේ ස්පර්ශක යුගල බිඳුණේ

මා මෙසේ කල්පනා කරමින් සිටින අතර
වෙහෙසට පත් සමනලයා
පත්තර පිටුව හැරදා
වෙනත් ළමයෙක් කරා
පියාඹා ගොස් තිබිණි

රෝස මලට යන පාරේ දැන් සිටින්නේ මා පමණි …!

~ රුවන් බන්දුජීව

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...