එක්සත් ජනපද–ඉරාන ගිවිසුම අඩපණ කිරීමට ඊශ්‍රායලය උත්සාහ කරන බවට තුර්කියෙන් දැඩි චෝදනා

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
මැද පෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින දේශපාලනික ආතතිය අතර, එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇතිවෙමින් පවතින අවබෝධතා ගිවිසුම අඩපණ කිරීමට ඊශ්‍රායලය උත්සාහ දරන බවට තුර්කි ජනාධිපති ටේයිප් එර්ඩෝගන් දැඩි චෝදනාවක් එල්ල කර තිබේ.

ඊයේ (04) ඉස්තාන්බුල් නගරයේදී පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ එර්ඩෝගන් මහතා අවධාරණය කළේ, කලාපීය රටවල සහයෝගය නොමැතිව මැද පෙරදිග කලාපයේ ස්ථාවර සාමයක් ගොඩනැගිය නොහැකි බවයි. එමෙන්ම, වොෂින්ටනය සහ ටෙහෙරානය අතර පවතින සාමකාමී සංවාද කඩාකප්පල් කිරීමට කිසිදු පාර්ශ්වයකට ඉඩ නොදිය යුතු බවයි.

මෙම ප්‍රකාශය තුර්කිය සහ ඊශ්‍රායලය අතර මේ වන විටත් උත්සන්න වී ඇති රාජ්‍ය තාන්ත්‍රික ගැටුම තවත් උණුසුම් කරන සිදුවීමක් ලෙස විචාරකයන් හඳුන්වා දී ඇති අතර එහිදී අදහස් දැක්වූ තුර්කි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුනේ, “සියොන්වාදය” පලස්තීනයට පමණක් නොව තුර්කියේ ජාතික ආරක්ෂාවටත්, කලාපීය ස්ථාවරත්වයටත්, ලෝක සාමයටත් තර්ජනයක් වන ආක්‍රමණශීලී හා ව්‍යාප්තවාදී මතවාදයක් බවත්, ගාසා තීරය, ලෙබනනය සහ සිරියාව තුළ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් දැඩිව විවේචනය කරන බවත්, එක්සත් ජනපද–ඉරාන අවබෝධතා ගිවිසුම බිඳ දැමීම සඳහා ගන්නා ඊශ්‍රායලයේ උත්සාහයන් තම රජය ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත්‍ ය.

“අපගේ කලාපය නැවතත් යුද්ධයේ, ලේ වැගිරීම්වල සහ විනාශයේ වේදිකාවක් බවට පත් කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැක. මැද පෙරදිගට අවශ්‍ය වන්නේ නව ගැටුම් නොව, ස්ථාවර සාමය සහ සංවාදයයි,” එර්ඩෝගන්ගේ මෙම ප්‍රකාශයත් සමඟ තුර්කිය සහ ඊශ්‍රායලය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් අර්බුදකාරී මට්ටමකට පත්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැතිවරණ පරාජයත් සමඟ ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලා යයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : බ්‍රසීල...

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 30ජීවිතක්ෂයට; 80 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : ස්පාඤ්ඤයේ...

ඊශ්‍රායල් මැතිවරණයේ නෙතන්යාහු සහ අයිසන්කොට්ගේ කණ්ඩායම් දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවන ලකුණු

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : 2026...

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...