සටහන – පුලී
ජූලි 05, LNW (කොළඹ): ලෝකයේ හොඳම තරුණ ධාවකයන් සමඟ එකම ධාවන පථයේ තරඟ කරමින්, ශ්රී ලංකාවේ නම නැවතත් ජාත්යන්තර වේදිකාවේ ගෞරවයෙන් රැඳවූයේ අපේම Yevan Davidයි.
එංගලන්තයේ සිල්වර්ස්ටෝන් ධාවන පථයේ පැවති FIA Formula 3 Championship ස්ප්රින්ට් තරඟයේදී AIX Racing කණ්ඩායම නියෝජනය කළ යෙවන්, විශිෂ්ට දස්කම් පෙන්වමින් දෙවැනි ස්ථානය දිනාගනිමින් තවත් ජාත්යන්තර පෝඩියමක් තම නමට එක් කළේය.
ජයග්රහණය Ugo Ugochukwu සතු වූ අතර, තෙවැනි ස්ථානය Théophile Naël දිනාගත්තේය. එහෙත් ශ්රී ලාංකික අපට, අද ලොකුම ජයග්රහණය වූයේ ලෝකයට නැවතත් ශ්රී ලංකාවේ නම ඇසෙන්න සැලැස්වූ යෙවන්ගේ අසමසම දස්කමයි.
රේස් ට්රැක් එකේ වේගය ඔහුගේ ශක්තියයි. රටේ ආඩම්බරය ඔහුගේ බලයයි.
සිංහ කොඩිය ලෝකයේ වේගවත්ම ධාවන පථවල පියාසර කරවන්න… යෙවන්, අපි හැමෝම ඔබත් සමඟයි!








