කෝනි අයිලන්ඩ් නිදහස් දින වෙඩි තැබීමේ ඛේදවාචකය..

රෂිකා හෙන්නායක ජූලි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊයේ (04) රාත්‍රියේ බෘක්ලින්හි කෝනි අයිලන්ඩ් ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයන් අට දෙනෙකු තුවාල ලබා ඇති බව නිව්යෝර්ක් පොලිසිය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයට ගොදුරු වූවන් අතර කුඩා දරුවන් සිව්දෙනෙකු ද සිටින අතර, පිරිස වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.

තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය යහපත් වුවද, එක් තරුණියක් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව වෛද්‍ය වාර්තා සඳහන් කරයි.

සිද්ධිය වූ ස්ථානයෙන් ගිනි අවියක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් වුවත්, සැකකරුවන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

පොලිස් නිලධාරීන් මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වමින් සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය පොලීසියේ ක්‍රියාකලාපය ගැන චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:බ්‍රිතාන්‍යයේ දේශසීමා බලාත්මක කිරීමේ නිලධාරීන් චීන පුරවැසියන් දිගු...

නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...