සෞඛ්‍ය ඇමති කෙහෙළියගේ පැටිකිරිය එළියට!වෛද්‍ය බෙල්ලන ඇමතිගේ රෙදි ගලවයි!(VIDEO)

Date:

කොළඹ LNW:සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තම ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂ පුද්ගලයන්ට අල්ලස් දීම ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා චෝදනා කරයි.

අමාත්‍ය ධූරයට පත්ව වසරක් ගතවත්ම ඔහුගේ පැටිකිරිය එළියට ඇදෙන්නට පටන්ගෙන තිබෙන බවයි බෙල්ලන මහතා සඳහන් කරන්නේ.

ඔහු මේ වන විට සෞඛ්‍යෙයේ Mr.10% නමින් විරුදාවලියක් ලබමින් වේගවත් ගසාකෑමක් සිදුකරමින් සිටින බවත් ඒ හේතුවෙන් ක්ෂේත්‍රය තුළ දැඩි අප්‍රසාදයකට පත්ව සිටින බවත් ඔහු කියා සිටියි.

මෙතෙක් සෞඛ්‍ය ඉතිහාසයේ නරකම සෞඛ්‍ය ඇමතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන පවා මෙතරම් පිරිහුණු ඇමතිවරයෙක් නොවූ බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් පවසන බවද බෙල්ලන මහතා සඳහන් කරයි.

”සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලොකු ලොක්කන්, වෛද්‍යවරුන් හා ඇතැම් වෘත්තීය සමිතිවල නායකයන් යනාදියට මානසික අල්ලස් ලබා දී, සෞඛ්‍ය සේවාව අයාලේ යවා ඔවුන්ව වක්‍රව සතුටු කිරීම ඔහුගේ ආරක්ෂක විලාසිතාවක් බවට පත්ව තිබෙනවා.

මෑතකදී හිටි හැටියේම ඔහු වෛද්‍ය නිළධාරීන්ට පමණක් වයස 63 දක්වා විශ්‍රාම වයස ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දැමීමට එකඟ වී ඇත්තේ, ඔවුන් විසින් කෙහෙළිය රඹුක්වැල්ලගේ දූෂිත ගණුදෙණු සහ බාල ඖෂධ ගෙන්වීම පිළිබඳව තොරතුරු හෙළිදරව් කරන බවට තර්ජනය කිරීමෙන් අනතුරුවයි.

සෞඛ්‍ය සේවයේ හිගයක්ව පවතින්නේ වෛද්‍ය නිළධාරින් පමණක්ම නොවේ. එහෙත් බාල බෙහෙත් නිසා මිනිසුන් මැරෙන එක ගැන කට වසාගෙන හිදීම සඳහා ඔහු විසින් මේ අල්ලස ලබා දීමට විශේෂඥ වෛද්‍වරුන් ය කිහිපදෙනෙකුට එකඟ වී තිබෙනවා. හෙදියන් හා පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ කට වැස්සීමටද එම අල්ලසම දීමට රජයට සිදුවන්නේ කෙහෙළියගේ මේ වීක්‍රමය නිසා.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව ගැන අධෝමූඛයෙන් හිනාවෙන්නේ මේවට. ඒ රාජ්‍ය සේවය පුලුල් වීම ගැන නිසාම නොව බංකොළොත් වුවද තවමත් මහජනතාවට මරණ පවා උදා කරමින් රාජ්‍ය සේවය පුඵල් කිරීම නිසා.නැව ගිලුනත් බෑන් චූන් කියන්නේ මේවට. ගහෙන් වැටුන මිනිසුන්ට ගෝනා ඇන්න වගේ වුවාට ඇන්න ගොනා කෙහෙළිය බව කවුරුත්ම දන්නේ නැහැ.

රටේ සෞඛ්‍ය අර්බුදය අස්සේ අනවශ්‍ය ලෙස සවාරි පිට සවාරි. පිටරට යෑමට අනුමැතිය ලැබෙන්නේද මෙහෙම. කෙහෙළියගේ දූෂණ වලට උදව් කරන අයට පිට විදෙස් සවාරි ලැබෙන ක්‍රමය පිළිබඳ විශාල විරෝධයක් ඉහළ පෙළේ සෞඛ්‍ය නිළධාරීන් අතර මතුව තිබෙනවා. එය කෙහෙළියගේ අල්ලස් ප්‍රතිපත්තිය ලෙස කුප්‍රකවී තිබෙන්නේ.

ඡාතික ඖෂධ අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ පුටුවට ස්ථීර කෙනෙකු පත් නොකර වැඩ බලන නොහොත් ඇක්ටින් කෙනෙකුට කෙහෙළිය පත්වීම දුන්නා. නැවත සෞඛ්‍ය අමාත්‍යාංශයටම කිසිදු ජ්‍යෙෂ්ඨත්වය අඩු වීමක් නොමැතිව පත් විය හැකිසේ විධායක අධ්‍යක්ෂ පත් කරන්නේ අල්ලස් ගන්නට, අල්ලස් දෙන්නටද ඔහු උපන් හපනනෙක් නිසා. එසේ නොමැතිව, පසුගිය මාසයේ ඡිනීවා අගනුවර ලෝක සෞඛ්‍ය සමුළුවට ඖෂධ නියාමන අධිකාරිය හොර ගුහාවක් බවට පත් කළ ප්‍රධාන විධායක නිළධාරියාව රැගෙන යෑමට කිසිදු පදනමක් නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයට වැදගත් වන රටේ මහජන සෞඛ්‍ය සේවය නොසලකා හැර, ඖෂධ නියාමන අධිකාරිය විනාශ කළ පුද්ගලයාව රැගෙන යන්නේ සහයෝගයෙන් බාල ඖෂධ ගෙන්වන කණඩායම සතුටු කිරීම සෞඛ්‍ය සේවය සතුටු කිරීමට වඩා වැදගත් නිසා විය යුතුයි.

රජයේ ප්‍රතිපත්තියට පටහැනිව අවුරුදු 13 ක් එක දිගටම සේවයෙන් නිදහස් වූ ආණ්ඩු විරෝධී කැරලි ගසන වෘත්තීය සමිති නායකයෙකුට පවා නැවත වසරක් වැඩ නොකර සිටීමට කෙහෙළියගේ අනුමැතිය ලැබුණේද ඔහුගේ තොරතුරු හෙළිදරව් කරන බවට තර්ජනය කිරීම නිසා.” යනුවෙන් බෙල්ලන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...