*
Friday, May 10, 2024
spot_img

Latest Posts

චීනය තනිකර කළු කඩ ණය ක්‍රමයක් තමා ක්‍රියාත්මක කරන්නේ’ – මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පවසන්නේ,  චීන ආයෝජන පිළිබඳ සලකා බැලීමේදී සින්නකර අයිතිය පැවරීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවය.

“ණය ගන්න කොට රජයන් අතර ගනුදෙනු කරද්දි, රාජ්‍යතාන්ත්‍රභාවය තියෙනවා. චීනයත් එක්ක ගනුදෙනු කරපු රටවල්වලට තිබ්බ ප්‍රශ්නයක් තමා ඔය කියන රාජ්‍ය තාන්ත්‍රිකභාවය. ඔවුන් සාමාන්‍යයෙන් ආයෝජනයක් කරන්නේ තව අවුරුදු 50 විතර ඉස්සරහා බලලා. හැම වෙළේම ස්ට්‍රැටර්ජික් ඩිශිෂන් (strategic decision) තමා ඒ කට්ටිය ගාව තියෙන්නේ. ඒ කට්ටිය ආයෝජන කරන්නේ, ඒ ආයෝජනය කළා වගේ ඉතා විශාල ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන්.

ලෝකේ අනිත් රටවල්වල කරලා තියෙන්නෙත් ඒක.ඒක හරියට අර කළු කඩයකින් ණය ගන්නවා සහ බැංකුවෙන් ණය ගන්නවා වගේ වෙනසක්. කළු කඩ මුදලාලිට ඕනේ ණය දීලා ණය ගන්න නෙමේ.ණය ඩිෆොල්ට් කරලා ඉඩම පවර ගන්න. බැංකුවේ තියෙන්නේ වෙන අරමුණක්. චීනය තනිකර කළු කඩ ණය ක්‍රමයක් තමා ක්‍රියාත්මක කරන්නේ. ඒ කට්ටියගේ රාජ්‍යතාන්ත්‍රික භාවය නැහැ කියන්නේ ඒකයි. ණය දීලා, පුළුවන් තරම් කොමිස් දීලා, ඒ ණය මොනවටද පාවිච්චි කළේ , කිසිම සොයා බැලීමකින් තොරව. ඔවුන්ගේ එකම අපේකෂාව තමා ණය නොගෙවන තැනකට රට පත් කරන්න.”

“ඔය පෝට් සිටි එකේ මුලින් චීනය අයෝජනය කරලා ඒකේ විශාල ඉඩම් ප්‍රමාණයක සින්නක්කර අයිතිය චීනයට යන්න ගියා. ඊට පස්සේ තමා 2015 ආපු ආණ්ඩුව, වර්තමාන ජනාධිපතිතුමා ඕකට විරුද්ධ වෙලා. ඊට පස්සේ ව්‍යාපෘතිය නැවැත්තුවා. සෑහෙන කාලයක් ව්‍යෘපෘතිය ක්‍රියාත්මක වුණේ නැහැ. ඊට පස්සේ ඒකට වන්දි ගෙවන්නත් සිද්ධ වුණා අපිට. එතනදී කරපුහොඳ දෙය තමා සින්නක්කර අයිතිය කියන එක නැති කළා අපි. නැති කරලා කොටසක් විතරක් 99 අවුරුදු බදුවලට දුන්නා. සින්නක්කර දුන්නම ප්‍රශ්නය තියෙන්නේ භූමියක අයිතියේ ඉදලා මුහුදු අයිතියත් ඒ රටට යනවා.ඒක ඉන්දියාවටත් ලොකු තර්ජනයක්. ශ්‍රී ලංකාවටත් තර්ජනයක්.”

“ආයිත් සැරයක් මේ බිලියන 1.2 ක අයෝජනයක් කියන්නේ, මේ ඉඩමේ සින්නක්කර අයිතිය ගන්න නම් ඒගොල්ලෝ උත්සහ කරන්නේ, අපි ආපුහු අර 2015 තැනට යන්නේ. එදා අගමැති අද ජනාධිපති යටතේ.ඒක කලාපීය සහයෝගීතාවයට හා කලාපීය සාමය පිළිබඳ වාතාවරණයට ලොකු අහිතකර ප්‍රතිඵලයක් වෙයි. අපි මේ වෙලාවේ වඩා සැලකිලිමත් වෙන්න ඕනේ ඉන්දියානු මැදිහත්වීම මිසක් චීනය නෙමෙයි. මොකද මේ කාලය තුළ අපි දැක්කේ ඉන්දියාව තමා ලංකාවට වැඩිම උදව් කළේ. ඔවුන් තමා බිලියන 3ක් විතර අපිට ණය දුන්නේ. හැම වෙලේම ඉස්සරහට ආවේ. හැබැයි චීනය හැම වෙලාම කළේ පස්සට ගිහල්ලා කකුලෙන් ඇඳපු එක. අපේ සාකච්ඡා වටවලටවත් අවේ නැහැ නේ. ඒවගේ රාජ්‍යයක් එක්ක ණය ගනුදෙනුවක් කරනවා කියන එක, එක පාරක් දෙපාරක් නෙමේ, හය හත් පාරක් හිතන්න ඕනේ, මේ රජය. තවත් වළට වැටෙනවාද? නැති නම් ණය ප්‍රතිව්‍යූගතකරණය කරලා අපි ඔවුන්ව අයින් කරනවාද කියලා.”

“දැනටමත් චීනය බිලියන 1.4 ක් ආයෝජනය කරලා තියෙනවා.සින්නකර අයිතිය නැති ඕනෑම දෙයක් ප්‍රශ්නයක් නැහැ.හැබැයි ඒක හරහා රටේ අයිතියට, ස්වෛරීත්වයට යම් බලපෑමක් වෙනවා නම් කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කරන්න ඕනේ.”

“චීන ආයෝජනයෙන් අපිට කිසිම වක්‍ර ප්‍රතිලාභයක් නැහැ. චීනය එනකොට අපි දැකපු දෙයක් තමා. ඒ මිනිස්සු වාහන ටික ගේනවා. කම්කරුවෝ ගේනවා.සිගරට් එක, ටොයිලට් පේපර් එක පවා ගේනවා. ඒක රටේ ආර්ථිකයට කිසිම ආකාරයකින් මුදල් කාන්දුවීමක් සිද්ධ වෙන්නේ නැහැ චීන අයෝජනය තුළ. ඒවගේ එකකින් අපි හිතනවා නම් රටක් සංවර්ධනය කරන්න පුළුවන් කියලා මම හිතින්නේ නැහැ. අපි මේ තැනට පත්වුණේ චීන අයෝජනය නිසා බව අපි මතක තියා ගන්න ඕනේ. ලෝකේ අනිත් රටවලින් උදාහරණ ගන්න ඕනේ. විශේෂයෙන් අප්‍රිකානු රටවල් වලින්.”

මූලාශ්‍රය – බීබීසී සිංහල

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan