රැල්ලට දිනන්න බැහැ.සංවිධානය වෙන්න – තිස්ස

Date:

කොළඹ LNW:සජිත් ප්‍රේමදාස මහතාට,විපක්ෂයට ආණ්ඩුව සමඟ එක්වන ලෙස ජනාධිපතිවරයා පැවසුවද හොරු සමඟ එකතුවන්නේ කෙසේදැයි සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

අරගලයක් කළේ හොරු ගෙදර යැවීමට වුවත් තවමත් බලයේ ඉන්නේ එම හොරුම බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

විපක්ෂය ලෙස පවසන්නේ ආණ්ඩුවට එකතුවෙන ලෙස නොපවසා රටට යහපත් අණ පනත් ගෙන එන ලෙසත් ඒවාට සහය දීමේ ගැටළුවක් නැති බවත් යැයි ඔහු කියාසිටියි.

මේ වන විට අළුත් දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාව පවතින අතර එය සජිත් ප්‍රේමදාස මහතා විසින් ගොඩනගා ඇති හෙයින් එම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ද හෙතෙම සඳහන් කරයි.

කෙසේවෙතත් රැල්ලට අපි දිනනවා කියා විශ්වාස නොකර ඒ වෙනුවෙන් සංවිධානය විය යුතු වන බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

‘පහුගිය මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා පරදියි කියලා හිතුවේ නෑ. අපට උතුරේ කදුකරේ නැගෙනහිර ජන්ද ටික ලැබුනා. දැන් තියෙන්නේ නරක ආර්ථික තත්ත්වයක්.පාර්ලිමේන්තුව හදිස්සියේ කැදෙව්වා දේශීය ණය ප්‍රශස්තිකරණය කරන්න කියලා.අපි කිව්වා අර්ථ සාධක මුදල්වලට ඇගිලිගහන්න එපා කියලා.දේශීය ණය ප්‍රශස්තිකරණය කරන්නේ නෑ කියලා ඒක කළා.ටීවි එකට ඇවිත් කියනවා කිසි හානියක් නෑ කියලා.මේ හානිය පේන්නේ තව අවුරුදු කිහිපයකින්. ජනතාවගේ සේවක භාර අරමුදලේ සල්ලි නීතියක් ගෙනල්ලා මංකොල්ල කෑවා. 2025 පස්සේ වැඩකරන ජනතාවගේ සල්ලිවල මූර්ත වටිනාකම අඩුවෙනවා. මේකට අපි විරුද්ධයි. ප්‍රශස්තිකරණය කියල වචනයක් ගෙනල්ලා ජතාවගේ මුදල් මේ ආණ්ඩුව මංකොල්ල කෑවා.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“අම්මා” යන වචනයට අරුතක් දීමට වචන වලින් එපිටට ගියපු ඡායා රූ රාමු! – Award-Winning Photos of Animal Moms That Show What Motherhood Is Really...

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; සටහන – පුලී පෙබරවාරි...

ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති!

රෂිකා හෙන්නායක පෙබරවාරි 19, කොළඹ LNW : විස්සයි විස්ස ලෝක...

Bad Bunnyට එල්ල වන මඩ ප්‍රහාර වලින් මතුවන පොදු සමාජ කතිකාවත!

සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ): මෑත සතිවලදී, සමාජ...

අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල...