මනූෂගෙන් නවීන ලෝකයට ගැලපෙන කම්කරු නීති පද්ධතියක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින්, නවීන ලෝකයට ගැලපෙන ආකාරයේ කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සදහා වන මහජන අදහස් ලබාගැනීමේ සැසිවාරයන්හිදී ඉදිරිපත්වූ යෝජනාවන් සැලකිල්ලට ගනිමින් සකස් කළ ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සඳහා වූ දළ පනත් කෙටුම්පත කම්කරු උපදේශක සභාව වෙත හෙට (06) දිනයේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇත .

ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සදහා වන දළ පනත් කෙටුම්පත ප්‍රසිද්ධියට පත් කිරීමට පෙර කම්කරු උපදේශක සභාව වෙත ඉදිරිපත් කරන බවට අමාත්‍යවරයා සහතික වී තිබූ අතර ඒ අනුව හෙට(06) දිනයේදී එම පනත් කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කෙරෙන අතර, ඉන් පසුව මෙම දළ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර කැබිනට් අනුමැතිය ලබාගැනීමට නියමිතයි .

කැබිනට් අනුමැතිය ලබාගැනීමෙන් පසුව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට දළ කෙටුම්පත යොමු කරන අතර, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් මූලික කෙටුම්පතක් සකස් කර අමාත්‍යාංශයට යොමු කරනු ලැබේ.

එයට අමාත්‍යාංශයේ නිරීක්ෂණ යොමු කිරීමෙන් පසුව අවසන් කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් සකස් කෙරෙනු ඇති අතර ,ඉන් පසුව භාෂා තුනටම පනත් කෙටුම්පත පරිවර්තනය කරන අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න සලකා බැලීම සදහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියමිතයි .

නීතිපතිවරයාගේ නිරික්ෂණද ලබා ගැනීමෙන් පසුව පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලට යොමු කර අනුමැතිය ලබාගැනීමට නියමිතව වන අතර , පනත් කෙටුම්පත සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගැනීමෙන් පසුව රජයේ මුද්‍රණාලාධිපතිවරයා වෙත යොමු කරන අතර එය මුද්‍රණය කිරීමෙන් පසුව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කරනු ලබන බවයි තොරතුරු වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...