යුනිසේෆ් සංවිධානයෙන් දරුවන් ගැන වාර්තාවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): යුනිසේෆ් සංවිධානය නිකුත් කර ඇති වර්තාවකට අනුව, මෙරට ඇතැම් ප්‍රදේශවල 03වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්ගේ ලිවීමේ සහ කියවීමේ හැකියාව 14%ක් වී ඇති  බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (05) පාර්ලිමේන්තුවෙදී ප්‍රකාශ කර සිටියා.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ප්‍රාථමික අංශයට පුහුණු ගුරුවරු නොයෙදවීම සහ කොවිඩ් වසංගත තත්ත්වය මීට ප්‍රධානම හේතුවක් වී ඇති බවයි.

මෙරට පාසල් සිසුන් 10,000ක් අදාළ සමීක්ෂණයට සහභාගී කරගෙන තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එසේම මෙරට පවතින රජයේ පාසල් 10,135ට ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් 16,000ක් අවශ්‍ය වුවත් මේ වනවිට සිටින්නේ 9,000ක් බවද අමාත්‍යවරයා පැවසූ අතර, හැකි ඉක්මනින් පාසල්වල ගුරු හිඟය පියවා ගැනීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...