අපේ සහය වැඩපිළිවෙලකට මිස පුද්ගලයෙකුට නෙවෙයි – චම්පික

Date:

කොළඹ LNW:ඉදිරි ජනාධිපතිවරණයේ දී පුළුල් සන්ධානයකට එළඹෙන බවත් ඉන් ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ගන්නා තීරණය අනුව තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා ද නැද්ද යන්න තිරණය කරන බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා යළි අවධාරණය කළේය.

රණවක මහතා මේ බව සඳහන් කළේ ඊයේ (05) පස්වරුවේ අතුරුගිරිය ප්‍රදේශයේ පැවැති පක්ෂ ක්‍රියාකාරීන් හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

”අපි සන්ධානයක් ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා. මේ සන්ධානය සඳහා කටයුතු කරගෙන යනවා ඊළඟ මැතිවරණය ප්‍රකාශ කළාම. අපි ඒ සන්ධානය සාකච්ඡා කරලා සුදුසු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. නැත්නම් මට ඉදිරිපත් වෙන්න කිව්වොත් මම ඉදිරිපත් වෙනවා. නැත්නම් සුදුසු අපේක්ෂකයෙක් ප්‍රතිපත්තියක් මත ඉදිරිපත් කරන්න පුළුවන් මට්ටමේ කෙනෙක්ට එහෙම වුණොත් අපි සහයෝගය දෙනවා.”

මේ අතර තමන් රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහය දීමට බලාපොරොත්තුවෙන් පසුවන බවට වන ප්‍රචාරයන්හි සත්‍යතාවක් නැති බවද රණවක මහතා කියාසිටියේය.

වැඩපිළිවෙලකට සහය දීමක් මිස පුද්ගලයෙකුට සහය දීමක් සිදුනොවන බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...