පොහොට්ටුවට අමුතු අපේක්ෂකයෙක් නෑ. එකම කෙනා රනිල් – මන්ත්‍රී වලේබොඩ

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපති අපේක්ෂකයෙක් නොමැති අතර ඔවුන්ගේ එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රනිල් වික්‍රමසිංහ මහතාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයක් නොමැති නම් මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි වලේබොඩ මහතා කියා සිටියේ.

”අපට තියෙන කුකුස තමයි මේ ජනාධිපතිවරනය පවත්වනවාද නැද්ද කියලා. මෙවර ජනාධිපතිවරණය නොපවත්වා ව්‍යවස්ථා ගැටයක් ගහලා ජනාධිපතිවරණය වසරක් දික්කරගන්න හදනවා. ඒක නිශ්චිතයි. කාලය දීර්ඝ කරගන්න රහස් ජන්දයක් තිබ්බොත් 170 වැඩිය ජන්ද ලැබෙනවා. රනිල් කියලා තියෙනවා මට තියෙන්නේ වසර 5යි කියලා මෙහෙම කියනවා කියන්නේම ඔහු මේක කල් දාන්න හදනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙක් දාන්නේ නෑ. ඔවුන්ට ඉන්න එකම අපේක්ෂකයා රනිල්. මේ හදන්නේ ජනාධිපතිවරයා සමගියෙන් කෑල්ලක් කඩන එක කරගන්න. කුඩා පක්ෂ කුරුමානම් අල්ලනවා රනිල් එක්ක එකතුවෙන්න. පොදුජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙක් දානවා කියන්නේ මේ කොටස එකතුකරගන්න.
රනිල්ට පොදුජන පෙරමුණේ සහයෝගය ලැබෙන්නේ නැති නම් ඔහු මැතිවරණයට එන්නේ නෑ. ධම්මික පෙරේරා ජනාධිපති වෙන්න තරම් සුදුස්සෙක් නෙවෙයි. ඔහු කුප්‍රකට ව්‍යාපාරිකයෙක්.”
යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ): ලොව පුරා දිව...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...