කොස්ගම වෙඩිතැබීමක්. දැරියක් ඇතුළු තිදෙනෙකුට තුවාල !

Date:

කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේදී අද (ජුනි 06) අලුයම සිදුවූ වෙඩිතැබීමකින් දැරියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබේ.

ඔවුන් තිදෙනා ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ තිදෙනා ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ තුවාල ලබා ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එකම පවුලේ 30 හැවිරිදි මව සහ 12 හැවිරිදි දියණිය හා තවත් 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ය.

වෙඩිතැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර කොස්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 වසරේ ලොව අංක එකේ සංචාරක ගමනාන්තය: බාලි දූපත

රෂිකා හෙන්නායක ජනවාරි 19 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රිප්ඇඩ්වයිසර් (TripAdvisor)...

6 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න – දෙමව්පියන් නිහඩ විරෝධයක් අරඹයි!

කොළඹ LNW:තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක...

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....