ලංකාවේ අනාගත හෙල්ලයේ එල්ලයට විශිෂ්ට ජයක්

Date:

නිශ්මං රණසිංහ ජූලි 06, කොළඹ LNW:

ඉංදියාවේ බැංගලෝරයේ ක්‍රියාත්මක වූ නිරාජ් චොප්රා ක්ලැසික් හෙල්ල වීසී කිරීමේ සංදර්ශනාත්මක ඉසව්වේ පළමු තැන චොප්රාටම හිමි වුණා.එහි තෙවන තැන හිමි වුණේ ශ්‍රී ලංකාව නියෝජනය කළ රුමේෂ් තරංගටයි.ඒ වෙනුවෙන් රුමේෂ්ට ඩොලර් 4000 ක ත්‍යාග මුදලක් ද හිමි වුණා.


රුමේෂ් ලද මේ ජයග්‍රහණය පහසු එකක් නෙමෙයි.එය රුමේෂ් ලද ජයක් පමණක් නොවන අතර එය ශ්‍රී ලංකාව ලැබූ අනාගත බලාපොරොත්තු මත ජයග්‍රාහී පැහැයක් ඇතුරූ ජයක් ද වෙනවා.


චොප්රා නමින්ම නම් කළ මේ ජාත්‍යන්තර සංදර්ශාන්තාමක ඉසව්වේ නියෝජනයන් අතර චොප්රා හා සමාන වූ තවත් ලෝක මට්ටමේ විශිෂ්ඨයන් සිටියා.ඒ අතර 2016 ඔලිම්පික් උළෙලේ රන් පදක්කම දිනූ තෝමස් රෝලර් ද,එහි රිදී පදක්කම දිනූ කෙන්යාවේ ජුලියස් යෙගෝ ද සිටියා.තරගයේ චෝපරාට අමතරව රුමේෂ් පසු කර යන්නට සමත් වූ අනෙක් ක්‍රීඩකයා වුණේ ජුලියස් යෙගෝ යි.ඔහු මෑතක නිමා වූ (2024) ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ද පස්වන තැන දිනූ ක්‍රීඩකයා වන අතර ඔහු ලොව පුරා හෙල්ල වීසි කිරීමේ ඉසව්ව හා සබැඳි කෝටි ගණනක ජනතාව අතර මිස්ටර් යූ ටියුබ් ලෙස ප්‍රකටයි.ඒ ඔහු විසින් හෙල්ල වීිසි කිරීම සම්බන්ධයෙන් සිදු කරන යූ ටියුබ් වැඩ සටහන් නිසයි.


චොප්රා මෙන්ම යෙගෝ මෙන්ම තෝමස් ද සිටින්නේ මීටර් 90 සීමාව පසු කර ගිය ක්‍රීඩක ගොන්න තුළයි.ඒ අතරින් යෙගෝ මීටර් 92.72 ක දක්ෂතාවයක් දක්වා තිබෙනවා.එහතේ බැංගලෝරයේ තරගය ක්‍රියාත්මක වූ මොහොතට අදාළව ගත් විට හෙල්ල ඔවුන්ගේ හොඳම වීසිකිරීම් දක්වා ඇදී යන්නට සහයෝගයක් නොඳුන් බවය හැඟෙනවා.චොප්රා ගේ උපරිම දක්ෂතාවය ලෙස පළමු ස්ථානය වෙනුවෙන් වාර්තා කර තිබුණේ මීටර් 86.18 ක් පමණයි.යෙගෝ විසින් වාර්තා කර තිබූ හොඳම දුර වූයේ මීටර් 84.51 ක් වන අතර තෙවැනියා ලෙස රුමේෂ් මීටර් 84.34 ක දක්ෂතාවයක් දක්වා තිබුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 වසරේ ලොව අංක එකේ සංචාරක ගමනාන්තය: බාලි දූපත

රෂිකා හෙන්නායක ජනවාරි 19 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රිප්ඇඩ්වයිසර් (TripAdvisor)...

6 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න – දෙමව්පියන් නිහඩ විරෝධයක් අරඹයි!

කොළඹ LNW:තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක...

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....