Saturday, June 3, 2023
spot_img

Latest Posts

ඇමතිට හිඟයක් නැති වුණත් රෝහල් තුළ ඖෂධ හිඟය උත්සන්න වෙයි!

ප්‍රකාශ කරන තරම් ඖෂධ හිඟයක් රෝහල් තුළ නැති බවත් ගැටලුවකින් තොරව ඖෂධ නිකුත් කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවද රෝහල් තුළ ප්‍රායෝගිකව එවැනි තත්ත්වයක් දක්නට නොමැති අතර සායන වලින් මේ වන විට රෝගීන් වෙත ඖෂධ නිකුත් කරන්නේ අල්ප වශයෙන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මෙහෙයුම් කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කරන්නේ රෝහල් වලට රෝගීන් ආවද ඖෂධ නිකුත් කිරීමේ හැකියාවක් තිබෙනවද නැද්ද යන ප්‍රශ්නය දැන් මතුව තිබෙන බවයි.

පෙරදී මාසයක කාලයකට නිකුත් කළ ඖෂධ මේ වන විට සති දෙකකට පමණ සීමා කිරීමට සිදුව ඇති බවත් රෝහල් තුළ පවතින ඖෂධ හිඟය හේතුවෙන් ඒවා පිටතින් මිලදී ගන්නා ලෙස ලියාදීමට වෛද්‍යවරුන්ට සිදුව ඇති බවත් කොළඹගේ මහතා කියාසිටියි.

ඖෂධ සැපයුම්කරුවන් මුහුණ දී සිටින මූල්‍යමය,ප්‍රවාහන,ඩොලර් හිඟය ඇතුළු කරුණු හේතුවෙන් මෙවැනි තත්ත්වයක් මතුව තිබෙන බවත් පවතින තත්ත්වය අනුව ඖෂධ මිල තුන් හතර ගුණයකින් මිල ඉහළ ගොස් තිබෙන බවත් ඔහු සඳහන් කරයි.

ASK

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.