වැල්ලවාය සිද්ධියට සම්බන්ධ බවට සැකපිට 13 ක් අත්අඩංගුවට

Date:

ඊයේ රාත්‍රී වැල්ලවාය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ආශ්‍රිතව ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත් වූ පිරිස අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අදාල පිරවුම්හලේ ඉන්ධන අවසන් වී ඇති බව දැනුම්දීමත් සමග ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටි පිරිස අතර නොසන්සුන්කාරී තත්වයක් ඇති විය. ඉන්පසු පිරවුම්හල වෙත බෝතල් හා ගල්මුල් ප්‍රහාරයක් එල්ල වූ බවයි වාර්තා වන්නේ.

එල්ල වූ ප්‍රහාරයෙන් පොලිස් නිළධාරියෙකුද සුළු තුවාල ලබා තිබෙනවා.

සැකකරුවන් සමග යතුරුපැදි 20 ක් පමණ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පසුගිය දින කිහිපය පුරා මෙවැනි කලහකාරී තත්වයන් වාර්තා වූ අතර හමුදා නිළධාරියෙකු විසින් පුද්ගලයෙකුට පහරදීමේ සිදුවීමක්ද වාර්තා විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්වසවය අද!

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අදින් ඇරඹෙන Lanka Ride පාපැදි සවාරිය!

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW : අද (16) පෙ.ව...

පකිස්තාන කාන්තාවන් ඉදිරියේ ශ්‍රී ලංකා කාන්තාවන් පසුබසියි

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් පාපන්දු...

රටක් වෙනුවෙන් හැඳෙන ඇඳුමක පසුබිම් කතාව

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ක්‍රීඩා කාර්ය සාධනය සහ...