පෞද්ගලික බස් රථ ධාවනය 7%ට බහී! (VIDEO)

Date:

පෞද්ගලික බස් රථ ධාවනය සඳහා ඩීසල් නොලැබීම හේතුවෙන් අද දවසේ රට පුරා ධාවනය වන්නේ බස් රථ 700ත් 1000ත් ප්‍රමාණයක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 7%ත් 10%ත් අතර අවම මට්ටමකට වැටී ඇති බවත් අද දිනයේදී හෝ නියමිත ලෙස ඩීසල් නොලැබුණොත් හෙට දවසේදී ධාවනය වන බස් රථ ප්‍රමාණය 500ක් පමණ දක්වා අඩු විය හැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ඩීසල් නිසිලෙස ලැබෙන්නේ නම් බස් රථ 18,000ක් පමණ ධාවනය කළ හැකි අතර මගී ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දිය හැකි බව ඔහු සඳහන් කළේය.

ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබා දෙන බව පැවසුවද එම ඩීසල් ලබා දීම සිදුවන්නේ දිවයින පුරාම ලංගම ඩිපෝ 15කින් පමණක් වන බවත් නිසි ලෙස පෞද්ගලික බස් රථ ධාවනය කර ගැනීම සඳහා ලංගම ඩිපෝ 105න්ම ඩීසල් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින බවයි ප්‍රියන්ජිත් මහතා පැවසුවේ.

පෞද්ගලික බස් රථ ධාවනය නොකරන්නේ නම් අලුතෙන් ලංගමට බස් රථ ගෙනෙන බවට ඇමතිවරයා ප්‍රකාශ කරන තත්ත්වයක පෞද්ගලික බස් රථ සඳහා ආණ්ඩුව ප්‍රකාශ කර තිබෙන පරිදි ඩීසල් නිකුත් කරන්නේ නම් පෞද්ගලික බස් රථ ධාවනය කළ හැකි බවයි ඔහු කියා සිටින ලදී.

අලුතෙන් බස් මිලදී ගැනීමට වැය වන ඩොලර් වලින් පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබාදෙන ලෙසයි ඔහු තවදුරටත් අවධාරණය කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය:අවසන් වාර්තාව ජනාධිපතිගේ නිරීක්ෂණයට!

කොළඹ LNW:2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර...

දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය වෙනස් කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : අද (06) දිනයේ...

චීනයත් ඇමරිකාවේ භාණ්ඩ සඳහා තීරුබදු පැනවීම වසරකට අත්හිටුවයි!

කොළඹ LNW:පසුගියදා ඇමරිකාව ද චීනයට පැනවූ තීරුබදු වසරකට අත්හිටුවීමට...

NPP දෙවන අයවැය හෙට!

කොළඹ LNW: ජාතික ජන බලවේගය රජයේ 2026 වසර සඳහා...