කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අසල විරෝධතාවයක නිරතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හිටපු මන්ත්‍රීවරිය ඇතුළු පිරිසක් අද පෙරවරුවේ සිට විරෝධතාවයක නිරතව සිටි අතර ආරක්ෂක අංශ ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ දරා තිබිණි.
ඔවුන් එම ස්ථානයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති මන්දිරය දෙසට යාමට උත්සාහ කිරීමේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
UN