විපක්ෂ නායකයා පොරොන්දු ඉටු කරයි – මිලියන 15.6 ක් වටිනා එන්නත් තොගයක් රජයට පරිත්‍යාග කරයි

Date:

තමන්ගෙ හෝ සමගි ජන බලවේගයේ හෝ සමගි ජන සන්ධානයේ හෝ ‘නෑ, බෑ’ කතා නැති බවත් ඕනෑම මොහොතක ජනතාව වෙනුවෙන් වගකීම් ඉටු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඖෂධ හිගයට හේතුව ඩොලර් අර්බුදය බව බොහෝදෙනා ප්‍රකාශ කරන නමුත්, ප්‍රධාන හේතුව ඩොලර් අර්බුදය නොව ඖෂධ ආනයනය කිරීමට අදාලව පවත්වාගෙන යායුතු දත්ත පද්ධතිය නිසි පරිදි නඩත්තු නොකිරීම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම, ඖෂධ ආනයනයට අදාල ආයතනවල සම්බන්ධීකරණය දුර්වල වීම වැනි කරුණු බවයි විපක්ෂ නායකයා පෙන්වා දෙන්නේ. ඩොලර් හිගය ඉදිරියට දමා මෙම ගැටලු සඟවාගෙන සිටින බවට ඔහු චෝදනා කරනවා.

සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින තමා ඇතුළු සමගි ජන බලවේගය විපක්ෂයේ සිටියද ජනතාවගේ බරපතල ගැටලුවල හැකි ආකාරයෙන් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත්, බලයක් නොමැතිව වුවද ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට සූදානම් බවත් ප්‍රේමදාස මහතා පවසයි. ඉතිහාසයේ පළමු වතාවට, කතාවට පමණක් සීමා නොවී වැඩ කරන විපක්ෂයක් බවට පත්වීමට සමගි ජන බලවේගය සමත්ව ඇති බවද ඔහු පවසනවා.

විපක්ෂ නායකයා මේ බව සඳහන් කළේ ජනතාව මුහුණ දී සිටින දැවැන්ත අර්බුදයක් වන ඖෂධ හිගයට පිළියම් ලෙස ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ සහ ‘සමගි ජන බලවේගයෙන් හුස්මක්’ වැඩසටහන් යටතේ හෘද රෝග සඳහා අත්‍යාවශ්‍ය ඖෂධයක් වන Recombinant Streptokinase( I.P.15000001U) එන්නත් මාත්‍රා 4000 ක් පරිත්‍යාග කෙරිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...