අද දිනයේ 760 කට ද්විත්ව පුරවැසිභාවය. වැඩ කඩිනම් කරන්න ධම්මිකගෙන් ප්‍රතිපත්තිමය තීරණයක්

Date:

මෙරට ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා අයදුම්කර තිබුණු පුද්ගලයින් 760 දෙනෙකුට අද (06) දිනයේදී ද්විත්ව පුරවැසිභාවය නිකුත් කර තිබේ.

එමෙන්ම මෙරට ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාදයෙන් තොරව සිදුකිරීම සඳහා අද දිනයේදී විශේෂ ප්‍රතිපත්තිමය තීරණයකට ද එළඹුණු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සඳහන් කළේය.

ඒ අනුව ආරක්ෂක නිෂ්කාශනය (security clearance) ලැබුණු පුද්ගලයින් සඳහා මින් ඉදිරියට සෑම සතියකම සඳුදා දිනයේදී ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමට නියමිත ය. එහිදී ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිෂ්කාශනය ලැබුණු අයෙකුට ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමට දීර්ඝ ප්‍රමාදයන් ඇතිවීම වැළැක්වෙනු ඇති අතර එම නිෂ්කාශනය ලැබුණු අයෙකුට ද්විත්ව පුරවැසිභාවය ලැබීමට උපරිම ගතවිය හැක්කේ දින 6ක් පමණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැරැද්දක් කරලා තියෙනවා නම් දඬුවම් දෙන්න – අපි තමයි දුෂණයට,වංචාවට එරෙහිව නීති ගෙනාවේත්!

කොළඹ LNW:දුෂණයට,වංචාවට විරුද්ධ පක්ෂයක් ලෙස ඒවාට එරෙහිව නීති ගෙන...

ලෝක ජනමතයට හිස නමා පලස්තීනයට ජීවත් වීමට ඉඩ දෙනු – යතුරු පැදි පෙළපාලියක්! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයට සහය දක්වමින් අද (23) සමාජවාදී තරුණ සංගමය...

අල්ලස් කොමිසම හමුවට ආ ඇවන්ගාඩ් සභාපති!

රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW : අල්ලස් කොමිසම...

කළුතර මහනගර සභාවේ නව නගරාධිපතිධූරය NPP එස් එච් ධනුජට!

රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW : කළුතර මහනගර සභාවේ...