චීනයෙන් ලබා දෙන පළමු සහනාධාර තොගය වෙනිසියුලාවට පිටත් වෙයි

ජූලි 06, LNW (කොළඹ): වෙනිසියුලාවට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් අවතැන්වූවන් සඳහා චීනය ලබා දෙන සහායන්ට අදාළ ප්‍රථම මානුෂීය සහනාධාර සැපයුම් තොගය ඊයේ (05) රාත්‍රියේ බෙයිජිං අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට සිවිල් ගුවන් යානාවකින් වෙනිසියුලාවේ Caracas අගනුවර වෙත රැගෙන යනු ලැබුවා.

මෙට්‍රික් ටොන් 80ක් බරැති මෙම ආධාර තොගයට, විදුලි උත්පාදන යන්ත්‍ර 20ක්, ජල පවිත්‍ර වාහන 08ක්, සූර්ය බලශක්ති විදුලි ජනන පහසුකම් යන්ත්‍ර 200ක් සහ කූඩාරම් 1700ක් ඇතුළත්. තවත් සහනාධාර සැපයුම් තොග කිහිපයක් එරට වෙත නුදුරේදී ප්‍රවාහනය කිරීමට ද චීනය අපේක්ෂා කරනවා.

වෙනිසියුලාවේ ජාතික සභා සභාපති Jorge Rodríguez මහතා ඊයේ(05) සමාජ මාධ්‍ය ඔස්සේ පැවසුවේ, පසුගියදා එරටට බලපෑ දරුණු භූමිකම්පාවෙන් 3342 දෙනෙකු මියගොස් තවත් 16,740 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ පැවති තුන්කොන්...

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...