*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 07/06

01. මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) මූලික ලකුණු 200 කින් කපා හැර පිළිවෙලින් 11% දක්වා 12% අවම කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරයි: “අපේක්ෂිත ප්‍රමාණයට වඩා වේගවත් උද්ධමන ක්‍රියාවලියක් සිදුවීම සහ දේශීය ආර්ථිකයේ යහපත් උද්ධමන අපේක්ෂාවන් පැවතීම ඇතුළු වත්මන් සහ අපේක්ෂිත වර්ධනයන් පිළිබඳ ප්‍රවේශමෙන් සිදුකළ විශ්ලේෂණයන්ගෙන් අනතුරුව” මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

02. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ධාරිතා ගොඩනැංවීමේ ව්‍යාපෘතිවලට සමඟාමීව, ශ්‍රී ලංකාවේ ජල සැපයුම් අංශයේ නව ප්‍රතිසංස්කරණ මෙහෙයුම් වැඩසටහන සඳහා අවශ්‍ය දැනුම සහ තාක්ෂණික සහාය ලබා දීමට තමා සූදානම් බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

03. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2023 පෙබරවාරි 18 වන දින වන විට තම පිරිවැය බිඳවැටීම් හරහා ලාභ ලැබීම් වාර්තා කරයි: 92 පෙට්‍රල් ලීටරයකින් රු. 16.21 ක ලාභයක් ද, ඔටෝ ඩීසල් ලීටරයකින් රු. 3.25 ක ලාභයක් ද, 95 පෙට්‍රල් ලීටරයකින් රු. 109.44 ක ලාභයක් ද, සුපර් ඩීසල් ලීටරයකින් රු. 11.64 ක ලාභයක් ද උපයා ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි: කෙසේවෙතත්, භූමිතෙල් ලීටරයකින් රු. 21.49 ක පාඩුවක් ලබා ඇති බව ද අනාවරණය කරයි: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මූල්‍ය ස්ථාවරත්වය කරා ළඟා වීමේ මාවතක ගමන් කරන බවට ද සහතික වෙයි.

04. බුදුදහම පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත් සජීවී ප්‍රහසන ශිල්පිනී (stand-up comedian) නතාෂා එදිරිසූරියට කොළඹ මහාධිකරණයෙන් ඇප නියම වෙයි: නතාෂා අත්අඩංගුවට ගැනීමට පදනම සකසා ගත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය (ICCPR) අද වන විට එය ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායකයට හඳුන්වා දුන් අරමුණින් ඔබ්බට භාවිතා කරන අතර, එම ප්‍රඥප්තියේ (3)1 වගන්තිය යටතේ වරදක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ ‘රබාත් ක්‍රියාකාරී සැලැස්ම’ භාවිතා කිරීම යෝග්‍ය බවත්, ඒ අනුව, නතාෂාගේ ප්‍රකාශය තුළින් ජාතීන් හෝ ආගමික වශයෙන් වෛරය ප්‍රවර්ධනය වන බවට ගොඩනැඟෙන තර්කය සාවද්‍ය බවත් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි අවධාරණය කරයි.

05. ඉකුත් ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත ඩෙංගු ආසාදිතයන් සංඛ්‍යාව 50,000 ඉක්මවයි: ඉකුත් අඟහරුවාදා දිනෙන් අවසන් වන පැය 72 තුළ නව ආසාදන 640 ක් වාර්තා වී ඇති අතර, ජූනි මාසය තුළ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ: ඩෙංගු ආශ්‍රිත මරණ සංඛ්‍යාව 31: ඩෙංගු සඳහා අධි අවදානම් කලාප 43 ක් හඳුනා ගෙන ඇත: බස්නාහිර පළාතින් ආසාදන 24,930 හඳුනා ගෙන ඇති අතර, එය සමස්ත ආසාදන සංඛ්‍යාෙවන් 49.8% කි.

06. මහ බැංකුවේ මුදල් මණ්ඩලය, පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් හි ප්‍රාථමික අලෙවිකරුවෙකුගේ ව්‍යාපාර සහ ක්‍රියාකාරකම් කරගෙන යාම අත්හිටුවීම තවත් මාස හයක කාලයක් සඳහා දීර්ඝ කරයි: ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් ආඥාපනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ ඇති රෙගුලාසි අනුව මෙම තීරණය ගෙන ඇත.

07. පාර්ලිමේන්තුව විසින් පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව තමා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පවත්වා ගත් නොසැලෙන ස්ථාවරයට අදාළව තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව (RTI) පාර්ලිමේන්තුව නියෝජනය කරන නිලධාරීන්ට තරවටු කරයි: අදාළ පාර්ශවයන්ට සාවද්‍ය තොරතුරු ලබා දීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවට අනතුරු අඟවයි: මරාගෙන මැරෙන බෝම්බකරු සහරාන් හෂීම්ගේ බිරිඳගෙන් සහ පොලිසියේ සහ හමුදා බුද්ධි අංශවල ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් සටහන් කරගත් සාක්ෂිවලට අදාළ එම වාර්තාවේ කොටස් මහජනතාවට නිකුත් නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට එරෙහිව තොරතුරු දැනගැනීමේ අයිතියට අදාළව යොමුකළ අභියාචනයක් මාස හතක කාලයක් තිස්සේ විභාගයට ගැනීමෙන් අනතුරුව එම කොමිෂන් සභාවේ සිව්-සාමාජික විනිසුරු මඩුල්ලක් විසින් මෙම නිගමනය සිදුකර ඇත.

08. බහුදින ධීවර කටයුතු සඳහා ශ්‍රී ලංකා ධීවරයන්ට අරාබි මුහුදට ඇතුළුවීම සඳහා, ඉන්දියාවේ මුහුදු සීමාව හරහා ‘අහිංසක ගමන් මාර්ගයක්’ (innocent passage) ලෙසින් හඳුන්වනු ලබන මාර්ගය සුරක්ෂිත කිරීම සඳහා ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික සහාය අපේක්ෂා කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි: ශ්‍රී ලංකා ධීවර යාත්‍රා සඳහා සිය සුවිශේෂී ආර්ථික කලාපය (EEX) හරහා ගමන් මාර්ගයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය ඉන්දියාවේ සහාය ඉල්ලා සිටින බව ද පවසයි.

09. තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර සත්ත්ව හුවමාරු වැඩසටහනක් හරහා පියාසර නොකරන පක්ෂි විශේෂයක් වන ‘ඩබල් වොට්ල්ඩ් කැසෝවරි’ (Double Wattled Cassowaries) තුන් දෙනෙකු ශ්‍රී ලංකාවට ලැබී තිබේ: මෙම පක්ෂීන් තිදෙනා දෙහිවල සත්වෝද්‍යානයට ලැබුණු බව ගුවන් තොටුපොල ආරංචිමාර්ග සඳහන් කරයි: මාස නවයක් පමණ වයසැති කි.ග්‍රෑ 60 බැගින් බරැති පිරිමි සතුන් දෙදෙනෙකු සහ එක් ගැහැණු සතකු මෙලෙස් ශ්‍රී ලංකාව ගෙනවිත් ඇති බව සඳහන්.

10. බොහෝ ජාතික ක්‍රීඩා ආයතනවලට නිසි සැලසුමක් නොමැති මුත්, සෑම විටම ක්‍රීඩා අමාත්‍යාංශයේ සහාය අපේක්ෂා කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ චෝදනා කරයි: ක්‍රීඩා ආයතනවල නිලධාරීන් සමඟ වැඩ කිරීම ඉතා අපහසු අතර, ඔවුන් බොහෝ විට ක්‍රීඩකයන් සහ ක්‍රීඩාව සඳහා නොව ඔවුන්ගේ ප්‍රතිලාභ සඳහා වැඩ කිරීමට උනන්දු වී සිටීම මීට හේතුව බව පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan