*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

මෙරට  වරායන් සංවර්ධනයට බෙල්ජියමේ සහය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ වරායන් සංවර්ධනය කිරීමට අවශ්‍ය යුරෝපීය නවීන තාක්ෂණය ලබාදීමට බෙල්ජියම් තානාපතිවරයා එකඟතාවය පළ කර ඇති බව
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පැවසුවේ,

අමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ , ත්‍රිකුණාමලය සහ ගාල්ල වරායන් සංවර්ධනය කිරීමට අවශ්‍ය සහය ලබා දෙන ලෙස සහ එම සංවර්ධන කටයුතු සඳහා බෙල්ජියානු ආයෝජකයින් හට ශ්‍රී ලංකාවේ අවස්ථා ලබාදීමට හැකි බවයි .

එහිදී , මෙහෙයුම් කටයුතු සඳහා යුරෝපීය නව තාක්ෂණය උපයෝගී කර ගන්නා බවත්, එම තාක්ෂණය කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු සඳහා යොදාගැනීමට අවශ්‍ය සහය ලබා දීමටත් තානාපතිවරයා සිය කැමැත්ත පළ කර ඇත .

මෙහිදී දෙපාර්ශ්වය සාකච්ඡා පවත්වා ඇති අතර ,  බෙල්ජියම් ආයෝජකයින් විසින් දකුණු පළාතේ පවත්වාගෙන යනු ලබන යොට් යාත්‍රා අංගනයේ රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලාංකික තරුණයින් හට පුහුණුවක් ලබා දීමට ඇති හැකියාව පිළිබඳව ද විශේෂ අවධානයක් යොමුව ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan