දකුණු කොරියාවේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක්

Date:

මේ වන විට අගනුවර සෝල්හි 2022 වන විට ගතවූ අවුරුදු පහක් තුළ ළමා සායන හා රෝහල් සංඛයාව 12.5%කින් පහත වැටී ඇත.

දකුණු කොරියාවේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය වෘත්තිකයන්ගේ විශාල හිගයක් ඇතිව ඇති බව වාර්තා වේ.

ඒ අනුව, මූලික වශයෙන් දකුණු කොරියාවේ උපත් අනුපාතය 0.78 දක්වා අඩුවීම හා ළමා රෝග විශේෂඥවරුට ලැබෙන අඩු වැටුප මෙයට හේතුවී තිබේ. ළමා රෝග විශේෂඥයින් දකුණු කොරියාවේ අඩුම වැටුප් ලබන වෛද්‍යවරුන් වන අතර එය සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ වැටුපට සාපේක්ෂව 57% අඩුවීමකි.

මේ වන විට අගනුවර සෝල්හි 2022 වන විට ගතවූ අවුරුදු පහක් තුළ ළමා සායන හා රෝහල් සංඛයාව 12.5%කින් පහත වැටී ඇත.

දකුණු කොරියාවේ පැරණිතම ළමා රෝහල වන Sowha රෝහල, කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් වසර 77 කට පසු පළමු වරට සෙනසුරාදා දහවල් සහ ඉරිදා ප්‍රතිකාර අත්හිටුවා ඇත. අනෙකුත් රෝහල්වල රාත්‍රී කාලයේ ප්‍රතිකාර අඩු කර ඇති අතර ළමා හදිසි කාමර වසා දමන බව වාර්තා වන අතර මේ සම්බන්ධයෙන් කොරියානු විශ්ව විද්‍යාලයේ ගුරෝ රෝහලේ වෛද්‍ය සොන්ග් ඩේ-ජින් පැවසුවේ කාර්ය මණ්ඩල හිඟය ඉක්මනින් හදිසි ප්‍රතිකාර ලබා දීමට තම කණ්ඩායමට ඇති හැකියාව අඩපණ කළ හැකි බවල මේ තත්වය තුළ අපට වසරක්වත් පැවතිය නොහැකි බවටත් තමා කනස්සල්ලට පත්ව සිටින බවයි.

සශිකලා මධුෂාණී_ (Outbound today )

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්