දකුණු කොරියාවේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක්

මේ වන විට අගනුවර සෝල්හි 2022 වන විට ගතවූ අවුරුදු පහක් තුළ ළමා සායන හා රෝහල් සංඛයාව 12.5%කින් පහත වැටී ඇත.

දකුණු කොරියාවේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය වෘත්තිකයන්ගේ විශාල හිගයක් ඇතිව ඇති බව වාර්තා වේ.

ඒ අනුව, මූලික වශයෙන් දකුණු කොරියාවේ උපත් අනුපාතය 0.78 දක්වා අඩුවීම හා ළමා රෝග විශේෂඥවරුට ලැබෙන අඩු වැටුප මෙයට හේතුවී තිබේ. ළමා රෝග විශේෂඥයින් දකුණු කොරියාවේ අඩුම වැටුප් ලබන වෛද්‍යවරුන් වන අතර එය සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ වැටුපට සාපේක්ෂව 57% අඩුවීමකි.

මේ වන විට අගනුවර සෝල්හි 2022 වන විට ගතවූ අවුරුදු පහක් තුළ ළමා සායන හා රෝහල් සංඛයාව 12.5%කින් පහත වැටී ඇත.

දකුණු කොරියාවේ පැරණිතම ළමා රෝහල වන Sowha රෝහල, කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් වසර 77 කට පසු පළමු වරට සෙනසුරාදා දහවල් සහ ඉරිදා ප්‍රතිකාර අත්හිටුවා ඇත. අනෙකුත් රෝහල්වල රාත්‍රී කාලයේ ප්‍රතිකාර අඩු කර ඇති අතර ළමා හදිසි කාමර වසා දමන බව වාර්තා වන අතර මේ සම්බන්ධයෙන් කොරියානු විශ්ව විද්‍යාලයේ ගුරෝ රෝහලේ වෛද්‍ය සොන්ග් ඩේ-ජින් පැවසුවේ කාර්ය මණ්ඩල හිඟය ඉක්මනින් හදිසි ප්‍රතිකාර ලබා දීමට තම කණ්ඩායමට ඇති හැකියාව අඩපණ කළ හැකි බවල මේ තත්වය තුළ අපට වසරක්වත් පැවතිය නොහැකි බවටත් තමා කනස්සල්ලට පත්ව සිටින බවයි.

සශිකලා මධුෂාණී_ (Outbound today )

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...