විපක්ෂ නායකවරයාගෙන් ප්‍රශ්නයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ගෝඨාභය රජයෙන් ගෙනා බාල පොහොර සම්බන්ධයෙන් පියවර ගන්නේ කවදාද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(06) පාර්ලිමේන්තුවේදී කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර ඇත.

චීනයෙන් ගෙන්වන ලද පොහොර සඳහා ඩොලර් මිලියන 6.9ක් වැය කර ඇති අතර එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් මිලියන 1382ක් බවත් එම ගණුදෙනුවෙන් ලබා දුන් බාල පොහොරවලට වන්දියක් ලෙස එම මුදල නැවත ලබා ගන්න බැරි වූ බව විපක්ෂ නායකවරයා පවසයි .

විගණන වාර්තාවට අනුව කෘෂිකර්ම රාජ්‍ය හා කැබිනට් අමාත්‍යවරු වගකීම් පැහැර හැරීම නිසා මෙම මුදල් ලබා ගැනීමට නොහැකි වූ බවත් එබැවින් දැන් හෝ විගණකාධිපතිවරයාගේ වාර්තාව අනුව පියවර ගන්නේ කවදාද කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් විමසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ , නැනෝ නයිට්‍රජන් පොහොර වංචාව සම්බන්ධ විගණකාධිපති වාර්තාව ද මේ වන විට අවසන් හෙයින් එය සභාගත කරන ලෙසයි .

තව  දුරටත් විපක්ෂ නායකවරයා කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ , වී මිල දී ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වී කිලෝවක් සඳහා රුපියල් 100ක සහතික මිලක් ලබා දෙන බව  කීවත් විවිධ ප්‍රදේශවල විවිධ මිල ගණන් ක්‍රියාත්මක වන බවත් මේ තත්ත්වය තුළ මෙම කන්නයේම ගනු ලබන පියවර කවරේද යන්නයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...