මේ වන විට ජැෆ්නා එකට,පිත්තෙන් අවිශ්ක පන්දුවෙන් සදාබ්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 07, (LNW) කොළඹ :

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මේ දක්වා පැවති තරගවල ලකුණු සටහන අනුව ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම පෙරමුණේ පවතිනවා.ඔවුන් තරග හතරකට සහභාගි වී තරග තුනක් ජයගෙන ලකුණු 6 ක් ගෙන පෙරමුණේ පවතින අතර ඔවුන්ගේ දළ ලකුණු වේගය 0.516 ටලස දැක්වෙනවා.දළ ලකුණු වේගය සළකද්දී ජැෆ්නා කණ්ඩායමටත් වඩා ඉදිරියෙන් සිටිමින් 0.767 ක සිටින කළම්ඹු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම තරග තුනකට සහභාගි වී තරග දෙකක් ජයගෙන දෙවන ස්ථානයේ පසුවෙනවා.


මේ දක්වා පැවති තරගවලදී අර්ධ ශතක තුනක් ද සමඟ ලකුණු 210 ක් ලබා ගෙන පිතිකරුවන් අතර වැඩිම ලකුණුලාභියා ලෙස පසුවන්නට අවිශ්ක ප්‍රනාන්දු සමත්ව සිටිනවා.ඔහු මෙන්ම දෙවන තැන සිටින පැතුම් නිශ්ශංක ද ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කරනවා.බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්වෙමින් තරගාවලියේ වේගවත්ම ශතකය ලබා ගනිමින් කැපී පෙණෙන ඉණිමක් දියත් කළ කුසල් ජනිත් පෙරේරා ඒ මොහොතේ නොදැවී රැස් කළ ලකුණු 102 හැරෙන්නට මේ දක්වාම තරග තුනටම රැස් කර තිබෙන්නේ ලකුණු 118 ක් පමණයි.


පන්දු යැවීමේදී මේ වන විට විශාලතම කඩුලු ප්‍රමාණයක් එකතු කරගෙන තිබෙන්නේ සදාබ් ඛාන් වන අතර ඔහු කළම්ඹු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහභාගි වූ තරග තුනේ දී කඩුලු 9 ක් දවා ගන්නට සමත්ව සිටිනවා.ඉණිමක දී හොඳම පන්දු යැවීම වාර්තා කර තිබෙන්නේ දුනිත් වෙල්ලාලගේ වන අතර ඔහු ලකුණු 20 ට කඩුල් 4 ක් දවා ගන්නට සමත් වුණා.එවැනිම කඩුලු 4 බැඟින් දවා ගත් තවත් අවස්ථා දෙකක් වාර්තා වන අතර සදාබ් ඛාන් එහිදී ලකුණු 21 ට කඩුුලු 4 ක් සහ මතීශ පතිරණ ලකුණු 26 ට කඩුලු 4 ක් දවා ගන්නට සමත් වී තිබෙනවා.මේ තිදෙනාම කළම්ඹු ස්ට්‍රයිකර්ස් පන්දු යවන්නන් වීම ද කැපී පෙනෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...