මැරතන්වලට ඉන්ධන දීමනාවක්…?

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 07, (LNW) කොළඹ : ගුවන් හමුදා ක්‍රීඩා වර්ණ රාත්‍රිය ඇත්තටම වර්ණවත් එකකි.එහි අවසන පැවති සාදයේ බොහෝ දේ කතා බහ වුණි.එහිදී දැනගත් තවමත් ප්‍රසිද්ධ කතාබහට නො ආ දෙයක් සංවාදයට එකතු කළ යුතු බව හැගිණි.ඒ මැරතන් පුහුණුව සම්බන්ධයෙන්ය.ඒ පාවහන් මිල අධික බව දනිමු.පෝෂණය විය යුතු ආකාරයක් ඇත.මේවා වියදම් යන වැඩය.


ඒවා ගැන සමාජයේ බොහෝ අය දනිති.ඒත් තවත් කාරණයක් ඇත.මැරතන් ක්‍රීඩකයින් විශාල දුරක් දුවන්නේ මහා පාරේය.මේ මඟ ඔවුන් සමඟ අධීක්ෂණයට යොදවන යතුරු පැදියක් ඇත.කවුරුත් ඉන්ධන මිල වේගයෙන් ඉහළ ගිය පරිසරයක මැරතන් ක්‍රීඩාවේ වියදමට ඒ පාරේ ඉදිරියට පසුපසට එමින් ක්‍රීඩකයින් ගැන සොයා බලන යතුරු පැදිය ගැන කතා කර තිබුණේ නැත.


ලංකාවේ ප්‍රධානම මැරතන් ක්‍රීඩකයන්ට උපකාර කරන්න මහා තෙල් කන්දක් යන්නේ නැත.දුවන්නේ ටින දෙනෙක් මෙන්ම ඔවුන් බොහෝ දෙනා සිටින්නේ ද එකම පළාතකට වන්නට සංචිත ගතවය.පුහුණුකරුවන්ද කිහිප දෙනෙක් යටතේ දුවන මේ පිරිස වෙනුවෙන් යන වියදම සරි කර ගන්නට එක් අයෙකුට ඉන්ධන ලීටර් 3 ක පමණ මුදලක් අනුග්‍රහයක් යටතට ලබා දෙන්නට ලංකාවේ ඉන්ධන විකිණීම සඳහා තරගකාරී ලෙස මැදිහත් වී සිටින ආයතනවලින් සහයක් ගැනීමට හැකිනම් එය අපූරුය.


තරගකාරීත්වය ඇති කිරීමේ යහපත් ප්‍රතිපල හැටියට ඒවා ද රටට කර පෙන්විය හැකිනම් වැදගත්ය.දුවන හැම මැරතන් ක්‍රීඩකයාටම සහ ක්‍රීඩිකාවකටම නොව එය සළාක පතක් ලෙස ජාතික මට්ටමේ සිටින මුල් 20 දෙනාට දිය හැකිනම් මසකට ලීටර් 120 ක් ය.ආරම්භයේ දී එය 15 ක් කර පසුව දක්ෂතා මත 5 ක් ඇතුළත් කළ හැකිය.එසේම දක්ෂතාවලින් පහළට යාමේදි එය අලුත් කෙනෙකුගේ අවස්ථාවක් බවට පත් කර දුර්වල වෙන අය ඉවත් කළ හැකිය.සමාගමක් සමඟ මේ යාන්ත්‍රණය අවංකව හැසිරවිය හැකිනම් මැරතන් ක්‍රීඩාවට පලදායී වැඩක් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Emmy රාත්‍රිය වර්ණවත් කරමින්, රංගන කාණ්ඩයක ලාබාලතම පිරිමි ජයග්‍රාහකයා ලෙස Adolescence හි Owen Cooper ඉතිහාසයට එක් වෙයි!

සටහන – පුලී සැප්තැම්බර් 15, කොළඹ (LNW): ඉකුත් ඉරිදා රාත්‍රිය ආලෝකමත්...

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...