සටහන – රෂිකා හෙන්නායක ජූලි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
බ්‍රිතාන්‍ය තුළ ප්‍රමාණය ඉක්මවා සිරකරුවන් සිටින බව බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් පවසන අතර, සිරගතවන සංඛ්‍යාව ප්‍රමාණාත්මකව අවම කිරීමට තමා කටයුතු කරන බව බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් සඳහන් කරයි.
වරදක් කළ පසු සිරගත කිරීම නොව වරදක් කිරීමට ඉඩ නොතැබීම පාලන අධිකාරිය සිදුකළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු තම පළමු මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර, තියුණු ආයුධ උපයෝගී කර ගනිමින් තරුණ ප්‍රජාව සිදුකරන අපරාධයන් මැඩලීමට තම රජයේ ප්‍රමුඛතාව හිමිවන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියාසිටියේය.
ඔහු මෙහිදී තවදුරටත් සඳහන් කළේ, කෙසේ වුවද එක් රැයකින් සිරකරුවන් සම්බන්ධ ගැටලු විසඳීමට නොහැකි බවත්, සිරගතව සිටින පිරිස් සඳහා ප්‍රමාණවත් ඉඩ පහසුකම් සළසාදීමට කටයුතු කරන බවත් ය.
