සටහන : සශිකලා මධුෂාණි
ජුලි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද නළුවෙකු සහ මල්ලවපොර ක්‍රීඩකයෙකු වන 47 හැවිරිදි ජෝන් සීනා තමන් World Wrestling Entertainment (WWE) වෙතින් විශ්‍රාම ගන්නා බව නිවේදනය කර තිබේ.
ටොරොන්ටෝ හි පැවති Money in the Bank pay-per-view ඉසව්වේ ප්‍රවර්ධන වැඩසටහනකදී මේ බව ප්‍රකාශ කළ අතර සීනා විශිෂ්ටතම වෘත්තීය මල්ලවපොර ක්‍රීඩකයෙකු ලෙස සලකනු ලබන අතර 2001 හි WWE හා සම්බන්ධ වීමෙන් පසු 16 වතාවක් ලෝක ශූරයා බවට පත්ව තිබේ.
2006 වසරේදී සිය රංගනය ආරම්භ කළේ ඔහු The Marine චිත්‍රපටයේ රඟපෑ අතර, The Suicide Squad, Fast & Furious 9 සහ Teenage Mutant Ninja Turtles ඇතුළු චිත්‍රපට ගණනාවක සිය රංගනයෙන් දායක වී තිබේ.