විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි ගැබිනි කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් අනතුරුව දරුවකු ප්‍රසූත කර තිබෙනවා.
හැටන් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි මෙම කාන්තාව පාස්පෝට් පෝලිමේ සිටියදී ප්‍රසූත වේදනාව සෑදී තිබෙනවා. රාජකාරියේ නියුතව සිටි පොලිස් හා හමුදා නිළධාරීන් අදාල කාන්තාව කොළඹ ද සොයිසා කාන්තා රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කරන තිබෙන්නේ.
ඉන්පසු මෙම ගැබිනි කාන්තාව ප්‍රසූතිය සිදුකර ඇති අතර මේ වනවිට දෙදෙනාම පූර්ණ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.
මෙම කාන්තාව සිය සැමියා සමග විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ අරමුණින් දින දෙකක් පෝලිමේ සිට තිබෙනවා.
පසුගිය කාලසීමාව පුරා පෝලිම්වල සිටියදී මරණයට පත්වීමේ සිදුවීම් රැසක් වාර්තා වූ අතර මෙවැනි සිදුවීමක් වාර්තා වූයේ පළමුවරටයි.
UN