ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ලොකුම ලණුව අපේ නායකයෝ ගිල්ලා! (VIDEO)

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ලොකුම ලණුව කාබනික පොහොර වගාව වන අතර එය මෙරට නායකයින්ද ගිල්ල බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (07) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

පොහොර බෙදාහැරීම පිළිබඳව ගොවි ජනපද නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු අද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාව අමාත්‍යංශයේදී හමුවූ අතර එම සාකච්ජාවෙන් අනතුරුවයි එලෙස මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියේ.

නමුත් ගොවියන් වෙත නැවත පොහොර ලබා දීමට ගත් තීරණයක් සමඟ යම් සහනයක් තිබෙන බව මන්ත්‍රීවරයා පැවසුවේය.

ඒ අනුව ලැබෙන පොහොර ප්‍රශ්න මතු නොවන අයුරින් සාධාරණව බෙදා හරින ලෙස නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද මන්ත්‍රීවරයා කියාසිටියේය.

එළඹෙන 09 වැනිදා රාත්‍රිය වන විට පොහොර මෙට්‍රික් ටොන් 40,000ක නෞකාවක් පැමිණීමට නියමිත බවත් තවත් මෙට්‍රික් ටොන් 25,000ක නැවක් පසුව පැමිණෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම් දුන් බවද මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන ආයෝජන සීමා පුළුල් කිරීමට ඇමරිකාව ගත් තීරණයට චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:විදෙස් ආයෝජන සඳහා වන සීමා කිරීම් පුළුල් කිරීමට...

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...