වී මෝල් හිමියන්ට අඩු පොලී අනුපාතිකයක් යටතේ ණය මුදලක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 08, කොළඹ (LNW):

යල කන්නයේ වී අස්වැන්න වී අලෙවි මණ්ඩලයෙන් මිලදී නොගෙන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට අඩු පොලී අනුපාතිකයක් යටතේ රුපියල් මිලියන 6,000 ක ණය මුදලක් ලබාදී ඔවුන් හරහා වී මිලදී ගැනීමට රජය කටයුතු යොදා ඇති බව සඳහන් වේ.

මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, යල කන්නයේ වී අස්වනු ගොවීන්ගෙන් මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, වී ගබඩා හිමිකරුවන්ට සහ වී තොග රැස් කරන්නන්ට සහනදායි පොලී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කර ඇති බවයි.

මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියකුට සියයට 13 ක වාර්ෂික පොලී අනුපාතය යටතේ රුපියල් මිලියන 50 ක්ද, ගබඩා හිමිකරුවන්ට සහ වී තොග රැස් කරන්නන්ට රුපියල් මිලියන 25 බැගින්ද ණය මුදල් නිකුත් කෙරේ.

මෙම පොලී අනුපාතයෙන් සියයට 9 ක් අදාළ ණය ඉල්ලුම්කරු විසින් දැරිය යුතු අතර, ඉතිරි සියයට 4 ක පොලී මුදල සහනාධාරයකි. මෙම ණය මුදල දින 180 ක් තුළ ගෙවා අවසන් කළයුතුය.

ඒ අනුව, ගොවීන්ගෙන් තෙතමනය සියයට 14 ක ප්‍රමිතියෙන් යුතු නාඩු රතු වී කිලෝවක් රුපියල් 95කටද නාඩු සුදු වී කිලෝවක් රුපියල් 110 කටද සම්බා වී කිලෝවක් රුපියල් 120 කටද කීරි සම්බා වී කිලෝවක් රුපියල් 135 කටද මිලදී ගැනීමට කටයුතු යොදා ඇති බව පැවසේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...