ප්‍රංශය වමට බර වේ

Date:

සටහන : සශිකලා මධුෂාණි
ජුලි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් විසින් යුරෝපා සංගමයේ මැතිවරණයෙන් අනතුරුව හදිසි මැතිවරණයක් කැඳවීමෙන් පසු පාර්ලිමේන්තුවේ අසන 577ක් වෙනුවෙන් පැවති ජාතික මැතිවරණයේදී වාමාංශික පක්ෂවල ලිහිල් සන්ධානයක්, අන්ත දක්ෂිනාංශය සහ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ මධ්‍යවාදී සභාගය යන දෙකම පරදවමින්, වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත්, ජාතික සභාව තුල කිසිම කණ්ඩායමක් නිරපේක්ෂ බහුතරයක් දිනාගැනීමට අසමත්ව ඇති අතර වාමාංශික නව ජනතා පෙරමුණ ආසන 182ක් ද, ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ මධ්‍යවාදී එන්සම්බල් සන්ධානය ආසන 163 දිනාගෙන ඇති අතර අන්ත දක්ෂිණාංශික ජාතික පක්ෂය ආසන 143ක් ලබා තෙවන ස්ථානයට පත්ව තිබේ.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට මෙවර ජන්දය ප්‍රකාශ කිරීම ඉහල අගයක් ගෙන තිබු අතර ප්‍රතිශතයක් ලෙස සලකන්නේ නම් එය 61.4%කි.

වාමාංශික ආධාරකරුවන් ප්‍රතිඵල සැමරීම සඳහා මධ්‍යම පැරිසියේ රිපබ්ලික් චතුරශ්‍රයට රැස්වූ අතර මිනිසුන් ගිනි දල්වමින්, බෙර වාදනය කරමින්, සිය සතුට සැමරූ අතර නගරයේ ආරක්ෂාව වෙනුවෙන් 30,000ක පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණ. ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මෙහිදී සඳහන් කර තිබුණේ, ප්‍රංශ ජනතාවගේ ස්වෛරී තේරීමට තමා ගරු කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/b3ST-gfkWeM සටහන – පුලී පෙබරවාරි...

ට්‍රම්ප්ගෙන් බිඳී, එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලය කැනඩාවේ තීරුබදු අවසන් කරන පනතක් සම්මත කිරීමට ඡන්දය දෙයි…

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාව මත පනවා...

ජනනි රනින්,බුද්ධික රිදියෙන් ලක්මව සරසයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...