ප්‍රංශය වමට බර වේ

Date:

සටහන : සශිකලා මධුෂාණි
ජුලි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් විසින් යුරෝපා සංගමයේ මැතිවරණයෙන් අනතුරුව හදිසි මැතිවරණයක් කැඳවීමෙන් පසු පාර්ලිමේන්තුවේ අසන 577ක් වෙනුවෙන් පැවති ජාතික මැතිවරණයේදී වාමාංශික පක්ෂවල ලිහිල් සන්ධානයක්, අන්ත දක්ෂිනාංශය සහ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ මධ්‍යවාදී සභාගය යන දෙකම පරදවමින්, වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත්, ජාතික සභාව තුල කිසිම කණ්ඩායමක් නිරපේක්ෂ බහුතරයක් දිනාගැනීමට අසමත්ව ඇති අතර වාමාංශික නව ජනතා පෙරමුණ ආසන 182ක් ද, ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ මධ්‍යවාදී එන්සම්බල් සන්ධානය ආසන 163 දිනාගෙන ඇති අතර අන්ත දක්ෂිණාංශික ජාතික පක්ෂය ආසන 143ක් ලබා තෙවන ස්ථානයට පත්ව තිබේ.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට මෙවර ජන්දය ප්‍රකාශ කිරීම ඉහල අගයක් ගෙන තිබු අතර ප්‍රතිශතයක් ලෙස සලකන්නේ නම් එය 61.4%කි.

වාමාංශික ආධාරකරුවන් ප්‍රතිඵල සැමරීම සඳහා මධ්‍යම පැරිසියේ රිපබ්ලික් චතුරශ්‍රයට රැස්වූ අතර මිනිසුන් ගිනි දල්වමින්, බෙර වාදනය කරමින්, සිය සතුට සැමරූ අතර නගරයේ ආරක්ෂාව වෙනුවෙන් 30,000ක පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණ. ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මෙහිදී සඳහන් කර තිබුණේ, ප්‍රංශ ජනතාවගේ ස්වෛරී තේරීමට තමා ගරු කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...