ඔහු ඔහුම විය

Date:

සටහන – රත්නපාල ගමගේ

ජූලි 08, (LNW) ස්විස්ටර්ලන්තය: මම ලයනල් ප්‍රනාන්දු යන නම අසා තිබුනේ යාපනය දිසාපතිවරයා ලෙස සේවය කරන අවදියේදී ඔහු කළ වටිනා සේවයට යාපනය ජනතාව දැක්වූ කෘතවේදීත්වයේ විශාලත්වය සනිටුහන් වූ නිසාය. ඔහු යාපනය දිසාපතිවරයා ලෙස සේවය කරන අවධියේදී ඔහුගේ දිසාපති නිල නිවස තුළින් ඔහුගේ මෑණියන් අවසන් ගමන් ගොස් තිබුණි. තම මෑණියන්ගේ මෘත දේහය අවසන් කටයුතු සඳහා ගමරට රැගෙන ඒමට සූදානම් වූ අවස්ථාවේ යාපනය ජනතාව ඊට හරස් වී අවසන් කටයුතු යාපනයේම කරන ලෙසට ඔහුට දැඩි ලෙස බලපෑම් කළහ එම ඉල්ලීම අතහැර දැමීමට ඔහුට නොහැකි විය.

තම මෑණියන්ගේ අවසන් කටයුතු සිංහල චාරිත්‍රානුකූලව ඉටු කිරීමට යාපනයේ ජනතාව සහාය දුන්හ. මුළු යාපනය නගරයේම සුදු කොඩි වලින් සරසා තිබූ අතර මුළු අර්ධද්වීපයේ සමස්ත ජනතාවම පාහේ මෙම අවමංගල්‍ය උත්සවයට සහභාගී වූහ.කළු ජූලිය පෙර යාපනයේ ආකර්ශනීයම සහ හෘදයාංගම දසුන එය විය.එම හෘදයාංගම ආශිර්වාදය කළු ජූලිය පිපිරූ බෝම්බයෙන් සුනු විසුණු වී ගොස් අතිශය භයානක යුද්ධය මහ පොළොව මත ක්‍රියාත්මක විය. එකට හාවී තිබූ සිංහල දෙමළ ලේ වෙන් වෙන්ව ගංගාවල ගලා යන්නට වූ අතර එය නවතාලීමට ලයනල් ප්‍රනාන්දුලා දහසකටවත් නොහැකි විය.

මේ එවන් අපූරු මිනිසා මට මූණගැසෙන්නේ 90 දශකයේ දී විසුම්පායේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව අවසානයේදීය. එවක චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ රජයේ ජනමාධ්‍ය හා සංචාරක අමාත්‍යවරයා වූයේ අභාවප්‍රාප්ත ධර්මසිරි සේනානායක මහතාය. ඔහුගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා වූයේ ලයනල් ප්‍රනාන්දු මහතාය. ධර්මසිරි සේනානායක මහතා කැබිනට් ප්‍රකාශක ලෙස කටයුතු කරද්දී ඔහුගේ පසෙකින් සිට ඔහුට සහාය වෙමින් ඉතා ඉහළ ගණයේ සේවයක් ලයනල් ප්‍රනාන්දු මහතා ඉටු කළේය.

ඔහු රජයේ සේවයෙන් ඉවත් වී නීතීඥයෙක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවලට සහභාගි වෙමින් සිටියදී ඔහු මා හට දෙවැනි වරත් මුණගැසුනි. ඒ මම අධිකරණ වාර්තාකරුවකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණි අවස්ථාවකදීය. මේ අවස්ථා දෙක අතර කාලය අතිමහත්ය. එහෙත් ලයනල් ප්‍රනාන්දු වෙනස් නොවීය. ඔහු ඔහුම විය.ලොව ඇත්තේ යාම් ඊම් පමණි. “නොගොසින් එන්ට බැරිය නෑවිත් යන්ට බැරිය.” මේ සරත්චන්ද්‍රයන්ගේ මළවුන්ගේ අවුරුදු දා ප්‍රසිද්ධ කෘතියේ එන දෙබසකි. ඔහු සරච්චන්ද්‍රයන් හා ලබැඳි ඇසුරක් පැවැත් වූ විද්වතෙකි, සාහිත්‍යධරයෙකි, පරිපාලකයෙකි.හෘදයාංගම හදවතක් ඇති පිරිපුන් මනුස්සයෙකි. මේ විෂම චක්‍රය තුළ ඔහුට සුබ ගමන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...