මහඔය පහත්බිම් ප්‍රදේශවලට අධි ගංවතුර අවධානමක් – රතු නිවේදන නිකුත් කරයි!

කොළඹ LNW:මහඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉදිරි පැය 48 තුළ මහ ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට අධි ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

එම කාලය තුළ අලව්ව,දිවුලපිටිය, මීරිගම,පන්නල, වෙන්නප්පුව,මීගමුව, කටාන, නාරම්මල (මරදගොල්ල ග්‍රාම නිලධාරී කොට්ඨාසය) සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට අධි ගංවතුර තත්ත්වයක් ඇති විය හැකියි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මෙම අනතුරු ඇඟවීම එළඹෙන 29 වැනිදා පෙරවරු 08.00දක්වා වලංගු වේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...