උදෑසනදී අතුරුගිරියේ සිදුවූ වෙඩි තැබීමෙන් තවත් අයෙකු මියයයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 08, කොළඹ (LNW):

අද (08) පෙරවරුවේ අතුරුගිරිය නගරයේ සිදුවූ වෙඩි තැබීමෙන් තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසයි.

එම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ සූජීවාද ඒ අතර වේ. වෙඩි වැදීමෙන් කේ. සූජීවාගේ පාදයකට බරපතල හානි සිදුව තිබේ.

අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර දී වෙඩිතැබීම සිදුව ඇති අතර, වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු වහාම හෝමාගම රෝහලට සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

එහිදී ක්ලබ් වසන්ත ජීවිතක්ෂයට පත්වූ අතර, තුවාල ලැබූ තවත් අයෙක් මේ වනවිට මියගොස් ඇත.

වෙඩිතැබීම සිදුකළ සැකකරුවන් පැමිණි වාහනය බව පැවසෙන වාහනය අසල CCTV කැමරාවක සටහන්ව තිබෙන බව පොලීසිය සඳහන් කළේය. ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මක බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...