පාර්ලිමේන්තුවේ ෆෝන් බල බල හිටපු මාලිමාවේ මන්ත්‍රීවරියක්ට වටගල මහත්තය දාපු සත්තම දැක්ක. ඇත්ත තමයි කොළේ බලාගෙන වචන ගලප ගලප කියවන අස්සේ මේ ෆෝන් හුචක්කුවක් ඇහෙන කොට මල පනිනවා තමයි. ඒ නිසා කේන්තිය සාධාරණයි.
දොහ් ගාල ගැහුවා. ඇහුනේ නැහැ. පස්ස හැරිලම කිව්වා ඕක නවත්තන්න කියල. එතන වටගල මහත්තයාගේ බොඩි ලැන්වේජ් එක තමයි වටින්නේ.
ලංකාවේ දැන් බස් වල ඉඳන් තියෙන ලොකුම ප්‍රශ්නේ වොලියුම් දාගෙන ෆෝන් බලන එක. හෑන්ඩ් ෆ්‍රී එක දාන්නේ නැතිකම. ශිෂ්ට නැහැ.
ඒ නිසාම මන්ත්‍රීවරිය ඉතාම කීකරු විදියට ෆෝන් එක පැත්තකින් තිබ්බ. තියල කතාව අහන්න පටන්ගත්ත.
මට මේක දකිනකොට මෙහෙමත් දෙයක් හිතුන. මේක හරියට කැම්පස් වල ජූනියර් සීනියර් සම්බන්දයක් වගේ වැඩක්. සින්න කියන විදියට ජුන්න ඉන්න ඕනි. ඌට ජුන්නෙක් හැටියට ලොකු පැවැත්මක් නැහැ. එකම පැවැත්ම සින්න නැත්නම් ජ්‍යෙෂ්ට උත්තමය කියන විදියට ඉන්න එක. නැත්නම් දෙනවා ආයේ කැම්පස් එකේ ඉන්න නැතිවෙන්න.
ජුන්න හිනා වෙනවා වැඩිනම් සින්න කියනවා හිනාව කපාපන් කියල. මෙතන උනේ සද්දේ කපපු එක.
ඉතිං අර මන්ත්‍රීවරිය මට පෙනුනේ කැම්පස් ජුන්නෙක්ගේ අසරණ බවක් ඇතුලේ. එයාටම කියල ලොකු පැවැත්මක් නැහැ. අසරණයි. කීකරුයි.
එයාට ආපහු ලොකු ප්‍රතිචාරයක් දෙන්න බැහැ. මගේ ෆෝන් එක තිබ්බට ඔයාගේ කතාව කරන්න කියලවත් කියන්න හැකියාවක් නැහැ.
හැබැයි සින්න ජුන්න සම්බන්දයට වඩා එහායින් ගිය යම් ස්වාධීන බවක් සහ පෞරුෂයක් ජනතා නියෝජිතවරියක් ට තියෙන්න ඕනි. ෆෝන් බලන එක වැරදියි තමයි. හැබැයි එයා යම් පළාතක යම් ජනතාවක් නියෝජනය කරනවා. එයා දිහා ඒ මිනිස්සු බලන්ඉන්නවා.
එයා කාගෙවත් බලයට යටත් වෙනවට ඒ මිනිස්සු කැමති වෙන එකක් නැහැ. සමහර වෙලාවට එයා ඇත්තටම අවශ්‍යම දෙයක් ෆෝන් එකේ බැලුවද දන්නෙත් නැහැ.
ඒ නිසා මේක මාලිමාවේ මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු පැවැත්ම ගැන යම් සංඥාවක් සපයනවා කියල හිතෙනවා.
කොහොම හරි සෑහෙන මට්ටමකට සද්දේ කපල තියන බව නම් පේනවා.
~ මහේෂ් හපුගොඩ


