සටහන – රෂිකා හෙන්නායක ජූලි 08, කොළඹ (LNW):
අද (08) පෙරවරුවේ අතුරුගිරිය නගරයේ සිදුවූ වෙඩි තැබීමෙන් තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසයි.
එම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ සූජීවාද ඒ අතර වේ. වෙඩි වැදීමෙන් කේ. සූජීවාගේ පාදයකට බරපතල හානි සිදුව තිබේ.
අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර දී වෙඩිතැබීම සිදුව ඇති අතර, වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු වහාම හෝමාගම රෝහලට සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.
එහිදී ක්ලබ් වසන්ත ජීවිතක්ෂයට පත්වූ අතර, තුවාල ලැබූ තවත් අයෙක් මේ වනවිට මියගොස් ඇත.
වෙඩිතැබීම සිදුකළ සැකකරුවන් පැමිණි වාහනය බව පැවසෙන වාහනය අසල CCTV කැමරාවක සටහන්ව තිබෙන බව පොලීසිය සඳහන් කළේය. ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මක බව පැවසේ.