ජනපතිගේ ධුර කාලය ගැන පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කෙරේ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳ අර්ථ නිරූපණයක් ලබාදෙන ලෙසත් එතෙක් ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය.

ඒ, අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ එම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ය.

රුපියල් 100,000 ක නඩු ගාස්තුවකට යටත්ව පෙත්සම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩු ගාස්තුව මසක් ඇතුළත අධිකරණයේ තැන්පත් කරන ලෙස පෙත්සම්කරුට නියෝග කරන ලදී.

මෙම පෙත්සම ගොනුකර තිබුණේ සී. ඩී. ලෙනව නම් ව්‍යාපාරිකයකු විසිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...