කලකට පසු චන්දිමාල්,දසුන් සහ චාමික විස්සයි විස්ස ශ්‍රී ලංකා සංචිතයට

Date:

නිශ්මං රණසිංහ ජූලි 08, කොළඹ LNW:

දිනේෂ් චන්දිමාල්,චාමික කරුණාරත්න සහ දසුන් ශානක කලෙකට පසුව ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.චාමික 2023 අප්‍රේල් මාසයෙන් පසුව ජාතික සංචිතයට කැඳවා ඇති අතර දසුන් අවසාන වරට විස්සයි විස්ස තරගයකදි ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙන්නේ 2024 වර්ෂයේ ජූලි 28 වන දා යි.චන්දිමාල් අවසාන වරට ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම නියෝජනය කරමින් තරග බිමට පිවිස ඇත්තේ 2022 වර්ෂයේ පෙබරවාරි 27 වන දායි.


නැවත ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් තරග බිමට කැඳවමින් නම් කර තිබෙන බංගලාදේශ විස්සයි විස්ස සංචිතය අත්දැකීම් ඇති ක්‍රීඩකයන්ගෙන් පොහොසත් කර තිබෙනවා.ඒ අතර සිටින අත්දැකීම් අඩුම ක්‍රීඩකයා ඒෂාන් මාලිංග වුව ද,ඔහු අයිපීඑල් තරගාවලිය හරහා ලෝකයේම අවධානයට ලක්ව සිටින පන්දු යවන්නෙක් වෙනවා.විස්සයි විස්ස සංචිතය සඳහා නම් කර තිබෙන 17 දෙනෙකුගෙන් යුත් සංචිතය තුළ තරගාවලියේදී තරගයකට පිටියට බහින 11 දෙනා කවුදැයි නිශ්චිතව නම් කිරීමට හෝ අනුමාන කිරීමට නොහැකි වුවත්,ශ්‍රී ලංකාව සිය සංචිතය පරිනත ක්‍රීඩකයින්ගෙන් පොහොසත් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙන බව පෙනෙනවා.


ශ්‍රී ලංකාව මේ තරගාවලියට මුහුණ දෙන්නේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල හත්වන තැන සිටයි.බංගලාදේශය සිටින්නේ 10 වන තැනයි.ඒ නිසා ශ්‍රී ලංකාව සිය අපරාජිත බව රැක ගැනීම අතිශයින් වැදගත් වෙනවා.
පහත දක්වා ඇත්තේ තරගාවලිය සඳහා නම් කර තිබෙන ශ්‍රී ලංකා සංචිතයයි.

  1. චරිත් අසලංක – නායක
  2. පැතුම් නිශ්ශංක
  3. කුසල් මෙන්ඩිස්
  4. දිනේෂ් චන්දිමාල්
  5. කුසල් පෙරේරා
  6. කමිඳු මෙන්ඩිස්
  7. අවිශ්ක ප්‍රනාන්දු
  8. දසුන් ශානක
  9. දුනිත් වෙල්ලාලගේ
  10. වනිඳු හසරංග
  11. මහේෂ් තීක්ෂණ
  12. ජෙෆ්රි වැන්ඩර්සේ
  13. චාමික කරුණාරත්න
  14. මතීෂ පතිරණ
  15. නුවන් තුෂාර
  16. බිනුර ප්‍රනාන්දු
  17. ඒෂාන් මාලිංග

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...

තෙල් මිල සහ මැදපෙරදිග අර්බුදය: OPEC+ ගත් අනපේක්ෂිත තීරණය

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග කලාපය මහා...

අයතුල්ලා අලිරේසා අරාෆි ඉරානයේ අන්තර්කාලීන නායකත්ව මණ්ඩලයට…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයේ ඉහළම පෙළේ...

රෆා දේශසීමාව දින නියමයක් නොමැතිව වසාදැමේ…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයට එල්ල වූ...