ඊශ්‍රයල අගමැති නෙතන්යාහු ජනාධිපති ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය සඳහා නම් කරයි

සටහන: සශිකලා මධුෂාණි
ජුලි 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(07)දිනයේදී රාත්‍රී භෝජන සංග්‍රහයට ධවල මන්දිරයට පැමිණි ඊශ්‍රයල අගමැති බෙන්ජමින් නෙතන්යාහු නොබෙල් සාම ත්‍යාගය සඳහා ජනාධිපති ට්‍රම්ප්ගේ නාමයෝජනා ලබා දෙන ලිපියක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

මෙහිදී ජනාධිපති ට්‍රම්ප් වෙනුවෙන් රැගෙන එන ලද ත්‍යාගයක් ලෙස සලකා නොබෙල් ත්‍යාගය සඳහා ඉදිරිපත් කරන ලද ලිපිය ලබා දෙමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබුණේ, ජනාධිපති ට්‍රම්ප්ගේ නායකත්වයෙන් අපට සහ මුළු මැද පෙරදිග අතර සාමයක් ඇති කර ගත හැකි යැයි සිතන බවත්, ජනාධිපති ට්‍රම්ප් සමඟ එකට වැඩ කිරීමෙන් අපගේ සියලු අසල්වැසියන් ඇතුළත් වන ඉතා පුළුල් සාමයක් ස්ථාපිත කළ හැකි බවත්, මෙම සම්මානය ට්‍රම්ප්ගේ ගාසා තීරයේ ඊශ්‍රායලය සහ හමාස් අතර යුද්ධය ඇතුළුව ලොව පුරා ගැටුම් අවසන් කිරීමට ඔහු දැරූ උත්සාහයන් සඳහා එය සුදුසු යැයි ඔහු සලකන බවත්ය.


මෙහිදී ලිපිය බාර ගනිමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, ඔහු යුද්ධය නවත්වන බවත්, මිනිසුන් මරා දමණු දැකීම ඔහුට මහත් පිළිකුලක් වන බවත්ය.

මිට පෙර පාකිස්ථානය විසින්ද ජනාධිපති ට්‍රම්ප් ඉන්දු -පාකිස්ථාන ගැටුම අවසන් කිරීමට දැක වූ සහය වෙනුවෙන් නොබෙල් සෑම ත්‍යාගය වෙනුවෙන් නම්කර තිබු අතර ජනාධිපති ට්‍රම්ප් ද දිගු කලක් තිස්සේ මෙය අපේක්ෂාවෙන් සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘අපි නැවත Grey List එකට ඇතුළත් නොවේ’: මහ බැංකු අධිපතිගෙන් දැඩි සහතිකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව මූල්‍ය...

බැසිල්ට එරෙහිව Interpol රතු නිවේදන ලබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : රාජ්‍ය අරමුදල් අනිසි...

ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක්!

කොළඹ LNW:සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වන විමර්ශනයක් මත අත්අඩංගුවට...

අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට...