ඇඹුලා තිත්ත කර ඉවත් කිරීම

Date:

ලසිත් ඇඹුල්දෙණිය ක්‍රිකට් පිටියට පාත් වුණේම ක්‍රිකට් ලෝකයේ ඇස් උඩ ඉන්දවමින්ය.පළමු තරගයේදීම ඔහු විසින් දකුණු අප්‍රිකාවේ ඩර්බින් තණතීරුව තුළ දකුණු අප්‍රිකා දෙවන ඉණිමේදී ඔවුන් අසරණ කරන පන්දු යැවීමක නියැලෙමින් ලකුණු 61 ට කඩුලු පහක් දවා ගත්තේය.ක්‍රිකට් විචාරකයෝ ඔහුව බොහෝ සේ පැසසූහ.ඊට වඩා ඔහුට දිනා ගන්නට තිබුණු අවධානය ගිලීහී ගියේ එම තරගයේදී විචාරක පැසසුම් ලද කුසල් පෙරේරාගේ ටෙස්ට් ඉතිහාසයේ හොඳම ඉණිම ලෙස නම් කළ ඉණිම නිසාය.අවසාන කඩුල්ලට ලකුණු 8 ක සබඳතාවයක්ද එක් කර ගනිමින් කඩුල්ලද රැක ගනිමින් පන්දු 200 ක් තුළ හතරේ පහර 12 ක් සහ හයේ පහර 5 ක් සමඟ නොදැවී ලකුණු 153 ක් රැස් කරමින් කුසල් ක්‍රියාත්මක කරපු ඉණිම නිසා එම තරගයේදී ලසිත් ගැන කතා කරන්නට තිබුණ ඉඩ ව්‍යාප්ත වූයේ නැත.
ඒ ඇරඹුමේ සිට මෙවර ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගයේදී ඉවත් කිරීම තෙක්ම කණ්ඩායමේ ස්ථාවරත්වය යම් මට්ටමකට රැක ගෙන සිටි ලසිත් ටෙස්ට් තරග 17 දී කඩුලු 71 ක් දවා ගෙන ඇත.තරගයක කඩුලු 10 අවස්ථා එකක් සහ පස් වතාවක්ම ඉණිමක කඩුලු පහ සටහන් කිරීම ද එම ගණනට ඇතුළත්ය.සිය දෙවන තරගයේදී අනතුරකට මුහුණ දී පන්දු යැවීමට නොහැකි වූ නිසා ඔහුට කඩුලු හිමි නොවිණි.ඉන් අනතුරුව මේ වන විට ඔහු කණ්ඩායමෙන් ඉවත්වීමට ආසන්නම බලපෑම ඇති කර මීට පෙර නිමා වූ ටෙස්ට් තරගය තෙක්ම ඔහු සෑම තරගයකම කඩුලු ලබා ගත්තේය.
නමුත් කණ්ඩායම පැමිණි අවස්ථාවේ ඔහු සිය උසේ වරප්‍රසාදයත් භාවිතය ගනිමින් පන්දුව උපායශීලීව පන්දු යැවීම තුළ පාවිච්චියට ගත්තේය.ඇඹුලා බොහෝ විට අනිත් කණ්ඩායම්වල දක්ෂ පිතිකරුවන්ගේ මුහුණ ඇඹුල් කළ හැකි සාධකයක් බවට පෙනෙන්නට තිබිණ.කණ්ඩායමට පැමිණි පසු ජාතික පුහුණුකරුවන් යටතේ ඒ වන විටත් ඔහු විසින් ඇති කරමින් තිබුණ පන්දුවේ දඟ කැවීම මෙන්ම,පිතිකරුවාට පහසු ඉරියව්වකින් පහර දීමට අවසර නැති පන්දු භාවිතය නිසා ඇඹුල්දෙණිය ක්‍රිකට් ලෝකයේම අවධානය යොමු වූ පන්දු යවන්නෙක් බවට පත් විය.
නමුත් කණ්ඩායමට පිවිසි මොහොතේ සිටි දඟ පන්දු යවන්නා ජාතිකමය වශයෙන් තව දුරටත් මුවහත් විය යුතු වුව ද,සිදුව ඇත්තේ කණ්ඩායමෙන් ඉවතට වීසිවන මට්ටමට දක්ෂතාවලින් පහළ වැටීමය.ඒ නිසා කන්ඩායමට තිත්ත වූවෙක් ලෙස ඇඹුලා ට (ජූලි 8) අද ඇරඹෙන ටෙස්ට් තරගයේ කණ්ඩායමේ ඉඩක් නැත.පසුගිය කාලයේ කණ්ඩායමට පැමිණි බොහෝ දග පන්දු යවන්නෝ ක්‍රමයෙන් සිය ඉරියව් වෙනස් කර ගනිමින් පැමිණියාට වඩා අවුල් සහගත තත්ත්වයකින් කණ්ඩායමෙන් බැස ගියහ.බොහෝ අයට තඩුලු දඩයම අහිමි විය.තවත් පිරිසකට ඉරියව්ව වෙනස් කිරීමක් නිසා කණ්ඩායමට එන විට නොතිබි දමා ගැසීමේ චෝදනාව ඉදිරියේ ක්‍රිකට්වලින්ම වීසි වි ගියේය.
ක්‍රිකට් බලධාරීන් මේ සම්බන්ධයෙන් කාර්ය සාධන වාර්තාවක් මෑත ඉතිහාසය විමසීමට ලක් කරමින් සකස් කරන්නේ නැත්තේ ඇයි ද යන්න ගැටළුවකි.ශ්‍රී ලංකා ක්‍රිකට් යනු නිරන්තරයෙන් අමුතු ආකාරයේ දක්ෂයෝ මතු වන තැනකි.අවාසනාවකට ඔවුන් කළමණාකරනය කිරිමේ ක්‍රියාවලියක් නැත.දක්ෂයා දක්ෂතා තිබෙනවානම් ක්‍රිකට් ගසනු විනා,දක්ෂයන් යම් අවස්ථාවක අසාර්ථක වන්නේනම් සහ ඒ අසාර්ථක වන්නන්ගේ සහ දක්ෂතා දියවී චෝදනාවලට ලක්වන්නන්ගේ ක්‍රිකට් චරිත ගත් විට ඒ අයගේ නිරූපනය දඟ පන්දුය.එසේ හදාරද්දී කොතැන හෝ වරදක් තිබෙන බව නොසිතීම අවුලක්ය.විශේෂයෙන් ලංකාවේ ක්‍රිකට් නිතර වෙනස් වෙමින් කඩා වැටෙන තත්ත්වයන්ට මුහුණ දෙන්නේ සතුටුවීම හැර සතුට රදවා ගැනීම,සතුට නැති වෙන හැටි අධ්‍යයනය කිරිම වැනි කරුණු ගැන අවධානය නොදෙන නිසාය.
ඒ නිසා ඇඹුල් වැනි තවත් පන්දු යවන්නන් තිත්ත කොට දැමීම ලංකාවේ දඟ පන්දු පුහුණුවේ ඉරණම වෙයිද යන්න කල්පනා කළ යුතුය.ඉවත් කරන බව කීව ද,කොවිඩ් පොකුරක් මතු වි තිබෙන තත්ත්වයක ඒ හිස්තැන පුරවන්න ඇඹුල්දෙණිය යළි ක්‍රීඩා කරවන්නට ඉඩ ඇත.ඒ නොවෙන්නට ඇඹුල් හෙට ක්‍රීඩා නොකරන බව ක්‍රිකට් බලධාරීහු තීරණය කර තිබුණු බව ඇත්ත කතාවය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: 05 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට

රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ LNW: අද (07) රාත්‍රී...

චාමිකගේ තුන් ඉරියව් හපන්කම් නිසා ග්‍රීන්, සූරතාව ගැන කොළ එළියකින් ජය මඟට පිවිසෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 07, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රීකට් සංවිධානය කරන...

ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය ජනපති හමුවෙයි!

ජනපතිගේ පැහැදිලි නායකත්වය යටතේ සාර්ථක ගමනකට අවශ්‍ය අඛණ්ඩ සහයෝගය...

ආරක්ෂක සේවා කරාතේ ශූරතාවලියේ‍ කාන්තා ශූරතාව ගුවන් හමුදාවට.

නිශ්මං රණසිංහ අගෝස්තු 07, කොළඹ LNW: ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින්...