මම ජොන්සන්ට ජොන්සන් මට ; සෙලෙන්ස්කි හැඬූ කඳුලින්

Date:

මහජන අප්‍රසාදය හා දේශපාලනික පරාජයන් හා අපකීර්තීන් හේතුවෙන් බොරිස් ජොන්සන් විසින් ඉල්ලා අස්වීම ඊයේ (07) දින ප්‍රකාශයට පත්විය.

මෙම තීරණය හේතුවෙන් යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අතිශය කමිපාවට පත්ව ඇතැයි යුක්රේන මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීමත් සමඟ දුරකතනයෙන් ඇමතූ සෙලෙන්ස්කි තමාගේත් සිය රටේත් ශෝකය ප්‍රකාශ කළ බව කියැවේ. වඩාත් දුෂ්කරම කාල වලදී ලබා දුන් සහයෝගය පිළිබඳ සෙලෙන්ස්කි ස්තූති කර ඇත. “මහා බ්‍රිතාන්‍යයේ සහයෝගය දිගටම පවතිනු ඇති බවට අපට සැකයක් නැත, නමුත් ඔබගේ පෞද්ගලික නායකත්වය සහ චමත්කාරය එය විශේෂ කර ඇත.” යනුවෙනුයි මෙහිදී සෙලෙන්ස්කි පවසා ඇත්තේ.

පසුගිය පෙබරවාරි මාසයේ සිට සෙලෙන්ස්කි හා ජොන්සන් අතර සමීප සබඳතාවක් ගොඩනැගී තිබූ අතර යුක්රේන යුද්ධයට ‌ජොන්සන්ගේ මැදිහත්වීම හේතුවෙන් පසුගිය දින කිහිපය පුරා සිය අග්‍රාමාත්‍ය තනතුර රැක ගැනීමට ජොන්සන්ට හැකි විය. මැරෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා මෙන් ජොන්සන් යුක්රේන යුද්ධයේ එල්ලෙමින් සිය ආරක්ෂාව තහවුරු කර ගනු ලැබීය. මුදල්, නව අවි ආයුධ, යුධ ආධාර මෙන්ම ජාත්‍යන්තර අවධානය ලබා ගැනීමට එය හේතු විය. ඒ අනුව පසුගිය මාසයේ කියෙව් වෙත ගිය පළමු ජාත්‍යන්තර නායකයා ලෙස ජොන්සන් හැඳින්වේ. සිය දේශපාලන පාක්ෂිකයන් පවා ඉවත්වන ලෙසට ජොන්සන්ට බල කරද්දී යුක්රේනයට තමන් අවශ්‍ය බව කියමින් හැකි තරම් කාලයක් සිය අගමැති පුටුව රැක ගැනීමට ජොන්සන් උත්සහ දැරීය.

නමුත් රුසියාව මේ වන විට ජොන්සන්ගේ ඉවත්ව යාම සිදුවිය යුත්තක් බව නිවේදනය කර තිබේ. රුසියාවේ ආක්‍රමනයට එරෙහි සටනේදී යුක්‍රේනයට අඛණ්ඩව බ්‍රිතාන්‍ය සහය ලබා දීම අධීක්‍ෂණය කළ ජොන්සන් අප‌ට කැමති නැතිව මෙන් අපද ඔහුට කැමති නැත. සංවාදශීලීව තීරණගත හැකි වෘත්තීය මට්ටමේ පුද්ගලයන් ලන්ඩනට භාරගනු ඇති බව තමන් විශ්වාස කරන බව රුසියානු ජනාධිපති පුටින්ගේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් ප්‍රකාශ කර ඇත. රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා වාර්තාකරුවන්ට පැවසුවේ ජොන්සන් මහතා “ඔහු විසින්ම දියත් කරන ලද බූමරංගයකින් පහර කෑ බවයි.”


SM – OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...