*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ලංකාව වගේ වෙන්න එපා – UN ලොක්කෝ පරිධියේ රටවලට අවධාරණය කරයි

කොවිඩ් වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස හා යුක්රේන-රුසියා අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ලොවපුරා රටවල් රැසක ආර්ථික අවපාත ඇතිවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරනවා. විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින පරිධියේ රටවලට දැඩි බලපෑම් එල්ල විය හැකි බවටයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පරිපාලක අකීම් ස්ටෙයිනර් අනතුරු අඟවා සිටින්නේ.

ශ්‍රී ලංකාව වර්තමානයේදී පත්ව ඇති තත්වය ඊට හොඳම උදාහරණය බව ස්ටෙයිනර් සඳහන් කරනවා.

විශේෂයෙන් ණය බරින් පෙළෙන රටවල ආර්ථික අර්බුද ඇතිවීමේ වැඩි ඉඩක් පවතින අතර එම රටවල් අවදානමෙන් ගලවා ගැනීම සංවර්ධිත රටවල වගකීමක් බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් සංවර්ධිත රටවල් දැනුවත් කිරීමටද එම සංවිධානය කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් ලොව බොහෝ රටවල අවධානය යොමුව ඇති අතර එවැනි අර්බුදයකින් තම රටවල් ගලවා ගැනීම සඳහා ඇතැම් රටවල් ශ්‍රී ලංකාව මුහුණ දෙන අර්බුදය අධ්‍යයනය කරමින් සිටී.

මේ අතර ‌ලෝක ආහාර වැඩසටහන ඊයේ නිකුත් කළ වාර්තාවකට අනුව පසුගිය වසරේදී ලොවපුරා මිලියන 828 කට වැඩි ජනතාවකට ප්‍රමාණවත් ආහාර පාන නොලැබේ. එය 2020 වසරට සාපේක්ෂව මිලියන 46 ක ඉහළ යාමකි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan