*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ජූලි 9 සිල් අරගෙනත් බෑ.. ගල් අරගෙනත් බෑ ! – තාරක ලියයි

කවුරු කැමති වුණත් නැති වුණත් ජනතාව නැගිටලා. ජූලි 9 කොළඹට ජන ගඟක් එනවා නොඅනුමානයි. මැයි 9 මහින්ද – ජුනි 9 බැසිල්… එහෙමනම්, ජූලි 9 ගෝටා..! ඕක තමයි ජනතාව දීල තියෙන නියෝගය. ඒ නියෝගයට පාලකයන් අවනත වෙනවද නැද්ද කියන එක මත තමයි එතැනින් එහාට දේවල් තීරණය වෙන්නේ. හරියටම කියනවානම්, එතැනින් එහාට ජනතාවට මොකද වෙන්නෙ කියන එකයි පාලකයන්ට මොකද වෙන්නෙ කියන එකයි දෙකම තීරණය වෙන්නේ ඊට පස්සේ.

ඒ ගැන කතාකරන්න කලින් අපි ලංකා දේශපාලන ඉතිහාසයේ ජූලි මතකයන් ගැන පොඩ්ඩක් මතක් කරමු.

77 න් පස්සේ ඉතිහාසය බැලුවොත්.. 80 ජූලි මාසය සමස්ත මහා වැඩ වර්ජනයක් ඉතිහාසයට එකතු කරපු මාසය. වැඩ වර්ජනය දියත් වෙච්ච විදිහ ගැන විවිධ දේශපාලන කෝණවලින් විවිධ විදිහට විග්‍රහ කෙරුණත්.. අන්තිමේදී වැඩ වර්ජනය පරාජය වුණා. සියලු වර්ජකයන් සේවය හැර ගියා සේ සළකන්න JR ජයවර්ධන ආණ්ඩුව නියෝග කළා. හැබැයි.. බැලූ බැල්මට වර්ජකයන් පරාජය වුණත් ජයවර්ධන ආණ්ඩුව දුර්දාන්ත ආණ්ඩුවක් බව පළමුවරට දේශපාලන බිමේ සහතික වුණා. ඒ කියන්නේ එජාප ආණ්ඩුව අනාගත පරාජය නළලේ කොටා ගත්තා.

ඊළඟට 83 බලමු. ජූලි මාසය කළු ජූලිය බවට පත් වුණේ 83. උතුරේ ගැටුමකින් මියගිය හමුදා සොල්දාදුවන් පිරිසකගේ දේහයන් කොළඹට ගේන දවසේ එජාප ආණ්ඩුව හිතාමතාම දකුණ ඇවිස්සුවා. ජාති ආල මංකොල්ලකරුවන් දෙමළ මිනිසුන් හොය හොයා ආණ්ඩුවේ ආශිර්වාදය සහිතව මරා දැම්මා. දෙමළ මිනිසුන්ට අයත් දේපළ ගිනි තිබ්බා. ආණ්ඩුව ඒ සේරම වමේ පක්ෂ පිටින් දාල තමන්ට හිසරදයක් වෙලා තිබ්බ ජවිපෙ ඇතුළු පක්ෂ කීපයක් තහනම් කෙරුවා. බැලූ බැල්මට ආණ්ඩුවේ උපාය සාර්ථක වුණත්, තිරිසන් ජාතිවාදී ආණ්ඩුවක් හැටියට එජාප ආණ්ඩුව දේශපාලන කතිකාව තුල ලියාපදිංචි වුණා.

අසූවෙන් අසූ තුනෙන් ගත්ත එජාප ආණ්ඩුවේ හැරවුමේ තවත් විශේෂ අවුරුද්දක් තමයි 87. ලංකාවේ ස්වාධීනත්වය බල්ලට දාල එජාප ආණ්ඩුව ඉන්දියාව එක්ක, ඉන්දු – ලංකා ගිව්සුම ගැහුවේ 87 ජූලි මාසේ. මුළුරටම එපා කියද්දී ජයවර්ධන පාලනය හිතුවක්කාර විදිහට රාජිව් ගාන්ධි ගෙන්නාගෙන ගිවිසුම ගහන්න උත්සාහ කරනකොට කොටුව පිටකොටුව ජන උද්ඝෝෂණවලින් පිරිලා ගියා. විපක්ෂයේ පක්ෂ සත්‍යග්‍රහ කෙරුවා. ජවිපෙ තහනමේ සිට පවා අරගලයට දායක වුණා. ඒත් ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කෙරුවා. බැලූ බැල්මට ජයවර්ධන දිනුවත් එජාප පාලනය ජනතා විරෝධී අත්තනෝමතික පාලනයක් හැටියට ඉතිහාසගත වුණා.

විටින් විට සිදුකරපු ඒ දේශපාලන පාපය තමයි දාහත් වසරක ශාපය හැටියට දේශපාලන ශබ්දකෝෂයේ 77-94 එජාප ආණ්ඩුව වර නැගුණේ. රාජපක්ෂලා බලයට ආවේ 2005. හරියටම මේ ශාපයටත් දැන් වසර දාහතක් වයසයි. යහපාලන අවුරුදු පහත් රාජපක්ෂ අණසකටම යටත් වුණු නිසා – මෛත්‍රී රනිල් කියන්නේ රූකඩ දෙකක් නිසා – ඒ ව්‍යාජ ඉන්ටවල් එකත් අයත් වෙන්නේ දාහත් අවුරුදු රාජපක්ෂ ශාපයටම තමයි. රාජපක්ෂ ආණ්ඩුව දුර්දාන්ත – අත්තනෝමතික – තිරිසන් ජාතිවාදී ආණ්ඩුවක් බව ඔවුන්ගේ භාවිතය විසින් ඕනෑවටත් වඩා ඔප්පු කොට හමාරයි. 2022 ජූලි 09 මිනිස්සු පාරට එන්නේ ඒ ශාපයෙන් රට බේරගන්නයි.

තාරක කියවාගත් දේශපාලනයට අනුව, ජූලි 09 ඇරඹෙන්නේ අවසන් සටන නොවන මුත් අවසන් සටන් මාලාවයි. ඒ නිසා ලක්ෂ ගණනින් නොව දස ලක්ෂ ගණනින් ජනයා කොළඹට කැඳවිය යුතුයි. මොකද, ඕනෑම වියරු පාලකයෙක් ජන බලයට පට්ට බයයි. මේ මොහොතේ ජනතාව සිල් නොගත යුතුයි. ජන සටන හැකි තාක් තීව්‍ර කළ යුතුයි. ඒ වගේම මේ මොහොතේ ජනතාව ගල් ද අතට නොගත යුතුයි. ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දෙන්න ආසාවෙන් සිටින නන්දසේනට ඒ චාන්ස් එක නොදිය යුතුයි. ඒ නිසා ගමන ඇත්තේ මැදිනුයි. සිල් සහ ගල් අතරින් පරෙස්සමෙන් ප්‍රවේගවත්ව පා තැබුවහොත් දේශපාලන මල් පූදිනු නිසැකයි.

  • තාරක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan