“එක”,තනියෙන් ලබාගත් දෙයක් නෙවෙයි

Date:

ජගත් ක්‍රිකට් වර්ගීකරණයේ පිතිකාරිණියන් අතිරින් එක්දින හොඳම පිතිකාරිණිය ලෙස තමන්ගේ නම සඳහන් වීම දිගු කාලයක සිට තමා දුටු සිහිනයක් බවත්,එම සිහිනය වෙනුවෙන් කළ කැපවීමක පලයක් බවත් චමරි අතපත්තු පවසන්නීය.නමුත් එම අවස්ථාව උදාවීම තමන් තනිව ලබාගත් ජයග්‍රහණයක් නොවන බවත්,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,තමන් සමඟ එදා මෙදා තුර ක්‍රීඩා කළ කණ්ඩායම් සඟයන් සියල්ල,පුහුණු කාර්ය මණ්ඩලය මෙන්ම තමන්ගේ අම්මා අප්පච්චි ඇතුළු පවුලේ සියලුම දෙනාත් නන් අයුරෙන් උපකාර කළ සියලුම දෙනාත් එහි කොටස්කරුවන් බව පෙන්වා දුන්නාය.
ලෝකයේ ඉදිරිපෙළ ශ්‍රේණිගත කිරීමක් හිමි නවසීලන්තය පරාජය කිරීම පහසු දෙයක් නොවන බව චමරිගේ අදහසය.ඒ නිසා අද ඇරඹෙන විස්සයි විස්ස තරගාවලියේදී නවසීලන්තය පරාජය කිරීම පහසු කටයුත්තක් නොවනු ඇති බව චමරිගේ අචහසය.කණ්ඩායමක් වශයෙන් ලෝකයේ ප්‍රබල කණ්ඩායමක් වීම මෙන්ම අත්දැකීම් ඇති ජාත්‍යණ්තර වශයෙන් ඉහළ නමක් ඇති,ලොව පුරා පැවත්වෙන විස්සයි විස්ස වානිජ තරගාවලිදී නිරන්තරයෙන් නම කියැවෙන ක්‍රිඩිකාවන් කිහිප දෙනෙක්ම සිටින නවසීලන්තය සතු බවත් චමරි පෙන්වා දුන්නාය.
මෑථ ඉතිහාසයේ ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජනතාව අතරට වෙනදාට වඩා සමීපව සිටින බවත්,ඊට හේතුව මෑථ කාලය තුළ කණ්ඩායම ලැබූ ජයග්‍රහණ බවත් පවසන චමරි අත්පත්තු,ඒ තත්ත්වය නිසා මින් ඉදිරියට කුඩා කීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පිවිසීමට දෙමව්පියන්ගෙන් වෙනදාට වඩා ඉඩ ප්‍රස්ථා දියණිවරුන්ට හිමිවනු ඇති බව චමරි පැවසුවාය.ඒ වගෙම වඩා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජනතාව අතර ගෞරවයට සහ ජනප්‍රියත්වයට ක්‍රාන්තා ක්‍රිකට් පාත්‍රවීම සමඟ සමාජය තුළින් මතුවනු ඇති බව ද ඇයගේ අදහසය.
මේ සමඟ චමරි විසින් අදහස් දක්වන ලද වීඩියෝවක් ඉදිරිපත් කෙරේ.
https://www.youtube.com/watch?v=l9yNOGhQTMM

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...