වසර 2030 වන විට තිරසර සහ පූර්ණ සංවර්ධනයක් කරා රට මෙහෙයවන ‘විෂන් 2030’ ජනපතිට පිරිණමයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 09, කොළඹ (LNW):

අද (09) ජනාධිපති කාර්යාලයේ දී, වසර 2030 වන විට තිරසර සහ පූර්ණ සංවර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීම සඳහා වන පුළුල් ප්‍රතිපත්ති ඇතුළත් කරමින් ලංකා වාණිජ මණ්ඩලය විසින් සකස් කරන ලද ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දීම සිදු කෙරිණ.

‘විෂන් 2030’ මඟින් මීළඟ වසර පහ තුළ ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් කුමන දිශාවට ගමන් කළ යුතුද යන්න විග්‍රහ කර ඇති අතර ඒ වෙනුවෙන් සියලු ක්ෂේත්‍රයන්හි ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදුවිය යුතු ආකාරය මෙන්ම එමඟින් ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ පෙන්වා දී ඇති අතර, දළ දේශීය නිෂ්පාදිතයේ 6.5% ක වර්ධන වේගයක් අත්කර ගැනීම, උද්ධමනය සහ විරැකියා අනුපාතය 5%ක් දක්වා අඩු කරලීම අරමුණු කර ගනිමින්, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා දියුණු කිරීමත්, කෘෂිකර්මාන්තය සහ ඩිජිටල් යටිතල පහසුකම් වර්ධනය කිරීමට ප්‍රමුඛත්වය දී මෙම ලේඛනය සකස් කර ඇත.

ඒ වෙනුවෙන් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය, නියාමන ප්‍රතිසංස්කරණ, යටිතල පහසුකම් ආයෝජන සහ දේශගුණික විපර්යාස යන අංශයන් වල සූදානම් කළ යුතු ආකාරය ද මෙමඟින් පැහැදිලි කර තිබේ.

ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව, උප සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, නියෝජ්‍ය උප සභාපති බිඟුමල් තෙවරතන්ත්‍රි, අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජික සුපුන් වීරසිංහ, මහලේකම් සහ ප්‍රධාන විධායක නිලධාරී බුවනෙකබාහු පෙරේරා,නියෝජ්‍ය මහලේකම් සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අලිකී පෙරේරා, සංජය ආරියවංශ සහ මංජුල ද සිල්වා යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී වූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු චීන මුහුදේ Devon Bay භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පෙරළී යයි!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු චීන...

ශ්‍රී ලංකාවේ තේ අපනයන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : 2025 වසරේ ශ්‍රී...

දේශපාලන අරමුණු ඉටුකරගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය තෝතැන්නක් කරගන්න එපා – වර්ජනයේ නිරත GMOA වෛද්‍යවරුන්ට නි. ඇමති කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වැඩවර්ජනයේ නිරත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම් ඉතා...

පල්ලේගම විජිත හිමියන්ගේ “සත්කාරය” වාර්ෂික සිසු තිළිණ ප්‍රදානය 14 වන වරටත් දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේදී!

කොළඹ LNW:ඉන්දියාවේ රජගහනුවර ලංකාරාම විහාරාධිපති ඉන්දීය ආනන්ද බෝධි සංගමයේ...