අද (09) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වැඩවර්ජනයකට සැරසෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 09, කොළඹ (LNW):

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට උසස්වීම් ලබාදීනොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් හේතුවෙන් වැඩවර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබෙන බව වාර්තා වේ. මේ හේතුවෙන් අද පස්වරුවේ සිය ගමනාගමන පහසුකම් ලබාගැනීම සඳහා පැමිණි මගීන් පත්වූයේ දැඩි අපහසුතාවකටයි.

දුම්රිය ස්ථානාධිපති සංගමය මෙම වැඩවර්ජනය ආරම්භ කළේ අද පස්වරුවේදී වන අතර, නියමිත පරිදි උසස් වීම් ලබානොදීම ඇතුළු කරුණු 14 ක් මුල් කරගනිමිනි.

දුම්රිය ස්ථානාධිපති සංගමය පැවසුවේ, රාත්‍රී 12න් පසු ධාවනය වීමට නියමිත දුම්රිය සියල්ල අවලංගු කළ බවයි.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ධාවනයට සූදානම් කොට තිබූ තැපැල් දුම්රියන් අවලංගු කිරීමට පියවර ගත් බවයි.

මේ අතර හෙට දින (10) ධාවනයවීමට නියමිත කාර්යාල දුම්රිය කිහිපයක් අවශ්‍ය නිලධාරින් යොදවා ධාවනයේ යෙදවීමට කටයුතු සැලසුම් කරමින් පවති බවද සඳහන්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය විදේශ කටයුතු...

ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල...

සෞදි කුමරුගේ ධවල මන්දිර සංචාරයේදී කෂෝගි ඝාතනය ප්‍රශ්න කරණ විට කුමරු කිසිවක් දැන නොසිටි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදියේ ඔටුන්න...

සුජාන්ගේ හිස් තැනට තායිලන්තයෙන් ගෝල හතරක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ තායිලන්තය...